ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත් අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව එදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 27 දක්වාත් මාර්තු 27 අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (03) දක්වා ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය.
අද ඔවුන් තිදෙනා ඇප මත නිදහස් විය.







