සූරියවැව නුවන් ජයසේකර –
තායිලන්තයේ සමාගමක තොරතුරු තාක්ෂණ අංශයේ උසස් රැකියා දෙන බව පවසා සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකු ලබන මස 03 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි අද (20) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට, නෝනගම ,වැලිපටන්විල පදිංචි කේ.රුවන් පතිරණ නැමති පුද්ගලයෙකි.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයා සහ මෙවර අම්බලන්තොට ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායන නැමති පුද්ගලයා සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීහු පැවසූහ.
සැකකරුවන් විසින් ලාංකික තරුණ තරුණියන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසා තරුණ තරුණියන් තායිලන්තයට රැගෙන ගොස් එතැනින් බෝට්ටු මගින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර දැමීමේ ජාවාරමේ නිරත වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයට පැමිණිලි 15ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිළි 05ට අදාලව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේත්, තවත් පැමිණිල් 05කට අදාලව අගුණුකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේත් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
විමර්ශන නිළධාරීන් විසින් සිද්ධියට සම්බන්ධව එක් සැකකරුවෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියේ ප්රධාන ජාවාරම් කරුවන අම්බලන්තොට ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායක නැමැත්තා අධිකරණය මගහරිමින් සිටින බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීහු පැවසූහ.
සිද්ධියට අදාලව නඩුව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (20) කැදවූ අතර එහිදී හම්බන්තොට මහේස්ත්රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට නියම කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන මස 02වන දින මීට අදාලව පවතින අනෙකුත් නඩු සඳහා අගුණුකොලපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවටද ඉදිරිපත් කරන ලෙසටය.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට මහේස්ත්රාත්වරයා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන්ට නියම කළේය.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන් පිරිසක් අධකරණය හමුවේ පෙනි සිටි අතර නඩු විභාගය යළි 2023-03-03 දින කැදවිමට නියමිතය.
මේ ලිපියත් බලන්න..
ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු!







