පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් සමගි ජනබලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය මහ වැසි මැද පැවැත්වෙමින් තිබේ.
“ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කොළඹට රොක් වෙමු” තේමාවෙන් මහවැසි මධ්‍යයේ විශාල ජනතා සහභාගීත්වයක් පැවැවෙන විරෝධතාවයට පොලිසිය විසින් ටෙක්නිකල් මංසන්ධියේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේය.
මෙම විරෝධතා පාගමන මරදානෙන් ආරම්භ වී ටෙක්නිකට් හන්දිය හරහා කොළඹ කොටුව දෙසට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී යි මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල විය.
කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ඉල්ලා සිටි නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.
මේ අතර අදාල විරෝධතාව වලක්වන ලෙස නියෝගයක නිකුත් කරන්නැයි ඉල්ලමින් කොටුව පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස අධිකරණය සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද (20) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙසයි.







