-
නායක හිමියන් පොලිස් ප්‍රහාරයෙන් රෝහලේ… මේ සිදුවීම සිදුවන්නේ කවරෙකුගේ උවමනාවකට ද?… මහා නායක හිමියෝ ජනපතිගෙන් අසති…
-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකළ පොලිසියේ හැසිරීම තරයේ හෙලා දකින බවත් කියති.
ඊයේ (16) දිනයේ ත්‍රී කුණාමලයේ ශ්‍රි සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහරස්ථානයේ භික්ෂූන්වහන්සේට පහර දී එහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පොලිසිය බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිදුවීම පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බව දන්වමින් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ ජනපති වෙත ලිපියක් ලියමින් දන්වා සිටිති.
උන්වහන්සේ එම ලිපියෙන් දන්වා සිටින්නේ මෙම සිදුවීම කවරෙකුගේ උවමනාවට සිදුවී ඇති දැයි ප්‍රශ්න සහගත බවය.
එම පොලිස් ප්‍රහාරයෙන් විහාරාධිපති හිමියන්ට රෝහල්ගත වීමට සිදු වූ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කරන පොලිසියේ අනීතික හැසිරීම තරයේ හෙළා දකින බවත් මහා නායක හිමියො ජනපතිට දැනුම් දෙති.
උන්වහන්සේ දන්වා සිටින්නේ 1951 වසරේ සිට පවත්වාගෙන එන, බෞ.කො./විහා. දෙ/15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ ලියාපදිංචි කරනු ලැබ ඇති බවය. මෙම විහාරය පිහිටි ඉඩමට එවකට ජනපතිවරයා විසින් දීමනා පත්‍රයක් ලබා දී හිමිකම් තහවුරු කර ඇති බවය.
මෙම විහාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධව ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු කරන ලෙසත්, දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකර විහාර භූමියේ විහාරස්ථානයේ සහ භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධව පියවර ගන්නා ලෙසත් මහා නායක හිමියෝ ජනපතිට දන්වති.
එම නිවේදනය පහත දැක්වේ.








