සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රිකෝණමඩුවේ  අලි කොරිඩෝවක් අයෝජකයින් 29ක් අතර බඩඉරිඟු වගාවකට බෙදා දෙයි…

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති අලි කොරිඩෝවක් ලෙස හඳුනා ගත් අලි සංක්‍රමණ කලාපයක් ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් බඩඉරිඟු වගාවක් සඳහා හෙක්ටයාර 49 බැගින් ආයෝජකයින් 29 දෙනෙක් වෙත බෙදා දී තිබේ.

වන වැස්ම ඉවත් කරන ආකාරය පෙන්වා දෙමින්…

මේ වනවිට  රූස්ස පලු වීර බුරුත ඇතුළු දැවැන්ත වනස්පතීන් උගුලුවා දමමින් මේ අලි කලාපය වසා දමමින් බඩඉරිගු වගාවකට බිම් සකසන ආකාරය අප අද (21) එම ස්ථානයට යන විට දෑසින්ම දැකිය හැකි විය.    ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි නියෝජිතවරු ලංකාසරට  පැවසුවේ දින කීපයක සිට මේ වන සංහාරය දියත් වී ඇති බවය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම  රක්ෂිත  ඉඩම් අක්කර 1500 ට වැඩි ප්‍රමාණයක් බඩ ඉරිගු වගාවක් සඳහා ආයෝජකයන්ට ලබාදී ඇති බවය. ඔවුන් හිතුමනාපයේ මෙම රක්ෂිතය වනසමින් සිටින බව උන්වහන්සේලා කීහ.

පෙරළා දමා ඇති දැවැන්ත ගස් …..

ඩෝසර් දමා විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් හැටියට නම් කර ඇති බවත්, සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන්කරනු ලබන්නේ මෙම රක්ෂිතය හරහා බවත් ගම්වාසීන් සඳහන් කරති,

මෙම රක්ෂිතයේ විනාශය පිළිබඳ අප  මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීරගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන්ට එම භූමිය අයත් නොවන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන් අනතුරුව අප මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගම‍යේ සභාපති  අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන්ගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විනාශ වෙමින් පවතින්නේ අලි සංක්‍රමණය වන රක්ෂිතයක් බවත්, මෙම තත්ත්වය නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වීමේ විශාල අවධානමක් පවතින බවත්ය.

 

ඒ තුළින් ජීවිත හා දේපොළ හානි සිදුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.  මේ පිළිබඳ ප්‍රදේශයේ සංඝරත්නය සහ ගොවි ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බවත්, තමන් වනජීවී වෘත්තීය සංගමයේ සභාපතිවරයා හැටියට මෙම විනාශය නතර කිරීමට හැකි සෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.

රක්ෂිතය කැළඹීමත් සමග අද දින අප දුටු ගම් වැදීමට සූදානම් වන අලි…

එම රක්ෂිතය ඩෝසර් දමා විනාශ කරන ආයෝජකයෙකුගෙන්  අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා තමන් ඇතුළු විසි නව දෙනකුට හෙක්ටයාර  49 බැගින් එම ඉඩම් බඩ ඉරුගු වගාව සඳහා ලබා දී ඇති බවත්, එය නතර කිරීමට නම් දේශපාලන අධිකාරියත්, ප්‍රදේශයේ ගොවි ජනතාව, මෙන්ම මහා සංඝරත්නයත්, මෙම ඉඩම් ලබාගෙන ඇති ආයෝජකයින් අතර සාකච්ඡාවක් කළ යුතු බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ට “ට්‍රැෆික් පොලිස් ගාර්ඩ්“ එක දුන්න පදනම කුමක් ද? – මරික්කාර් පාර්ලිමේන්තුවේ දී ඇසයි!

Next Post

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ දියණිය අපයෝජනය කළ ඇයගේ  අනියම් සැමියා අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.