පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තබා ප්‍රාදේශීය සභාවක නියෝජනයක් හෝ නොවන බැසිල් රාජපක්ෂට ගුවන් තොටුපල අති විශේෂ ප්‍රභූ පර්යන්තය ලබා දී ඔහුව පොලිස් ආරක්ෂක රථ සමග ගුවන්තොටුපලේ සිට රැගෙන ආවේ කුමන පදමක් මත දැයි අද පාර්ලමේන්තුවේ දී ප්‍රශ්න කෙරිනි.
මේ ප්‍රශ්න කිරීම සිදුකළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසිනි.
“ සභානායක තුමාගෙන් අපි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. බැසිල් රාජපක්ෂ කියන්නේ අඩුම තරමින් ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. එතකොට කටුනායක ගුවන් තොටුපලේ වීඅයිපී පර්යන්තය ඔහු ලබා දුන්නේ කොහොමද. පොලිස් ට්‍රැෆික් බයික් ලබා දුන්නේ කොහොම ද?. මොදක් ද පදනම.“
“ඒක පැහැදිලි කරන්න කියලා සභා නායකගෙන් ඉල්ලීමක් කරනවා.“
එහෙත් ඒ ප්‍රශ්නයට නිසි පිළිතුරක් සභානායකවරයාගෙන් නොලැබිනි.







