කඳාන පොලිසියේ ළමා සහ කන්තා කාර්යාංශය භාරව සිටි පොලිස් නිලධාරිනියගේ දියණිය අපයෝජනයට ලක් කළ බව කියන එම නිලධාරිනියගේ අනියම් සැමියා අද (21) සවස පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
12 හැවිරිදි දියණියට සිදු කළ මෙම අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි.
පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත සිදු කෙරෙන විමර්ශනයකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම පිළිබඳව මුල් වරට අනාවරණය වී ඇත්තේ දුම්මලසූරිය පොලිසියට දුරකථන මාර්ගයෙන් ලද පැමිණිල්ලකට අනුවය.
ඒ වනවිට අදාල වින්දිත දැරිය දුම්මලසූරිය පිහිටි පොලිස් නිලධාරිනියගේ දෙමාපියන්ගේ නිවසේ ජීවත්ව සිට ඇති අතර සිය අනියම් සැමියාගෙන් දැරියට සිදුවන බලපෑම් හමුවේ ඇය නෛතික පියවර නොගෙන දරුවා දෙමාපිය නිවසට ඇරලවා ඇති බව අනාවරණය වී ඇත.
කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ධූරය දරන්නේ පොලිස් පරික්ෂකවරියකි. ඇයගේ සැමියා බන්ධනාගාර ජේලර්වරයෙකි. මත්කුඩු ජාවාරමක් සම්බන්ධ චෝදනාවක් මත ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. සැමියා බන්ධනාගාරගත වීමෙන් පසු ඇය ව්‍යාපාරිකයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.
ඇය මෙම ව්‍යාපාරික අනියම් සැමියාත්, දරු දෙදෙනාත් සමග ජාඇල ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසක එකට ජීවත්වෙමින් සිට ඇත. ව්යා
පාරික අනියම් සැමියා අතින් දැරිය අපයෝජනයට ලක් වී ඇත්තේ එම නිවස තුළදීය. මෙම පුද්ගලයා කලක සිට මේ 12 හැවිරිදි කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි විමර්ශන අංශ කියයි.