සූරියවැව නුවන් ජයසේකර –
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් චක්‍රලේඛ නිකුත් කිරීමට හෝ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය ලේකම්වරයාට හෝ රාජ්‍ය පරිපාලන ලේකම් වරයාට හෝ අයිතියක් නැතැයි පවසමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොම්සන් සභාව තීරණය කර තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට ඇති භාෂණයේ අයිතිය සීමා කරමින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ නිකුත් කරන ලද අතර එම චක්‍රලේඛ වලට අනුව සමාජ මාධ්‍ය භාවිතාව පවා රාජ්‍ය නිලධාරීන්ට අනියම් අන්දමින් තහනම් කර තිබිණි .
ව්‍යවස්ථාවට අනුව මෙරට පුරවැසියන්ට පවතින භාෂණයේ අයිතිය ආයතනික චක්‍රලේඛවලින් හෝ ආයතන සංග්‍රහයෙන් හෝ සීමා කළ නොහැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව මානව හිමිකම් කොම්ෂන් සභාව වෙත පෙන්වා දුන් අතර ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර අදාල අමාත්‍යංශ ලේකම්වරුන් ගෙන් කරුණු විමසීමට මානව හිමිකම් කොමිසන් සභාව තීරණය කොට ඇත.
මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විනය පරීක්ෂණ පැවැත්වීමේදී බොහෝදුරට විනය පරීක්ෂණ පවත්වන හදිසි වැටලීම් ඒකකය පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවික ලෙස විනය පරීක්ෂණ පවත්වන බවට සන්ධානයේ ලේකම් ජයරුවන් බණ්ඩාර සහ සභාපති වෛද්‍ය චමල් සංජීව තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර කරුණු විමසා ඇත.