ත්‍රස්තවාදී අන්තවාදී සංවිධාන 15ක් සහ ත්‍රස්තවාදී සහ අන්තවාදී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් 210 දෙනෙකුට අයත් සියලු අරමුදල් වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව එම තහනම් නියෝග නිකුත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවූ දෙමළ ඊලාම් රාජ්‍යය, ලෝක දෙමළ සහන සාධක අරමුදල, ජාතික තව්හිද්ජමාත්, ජමාතේ මිලාදේ, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු ආයතනවල මෙම වත්කම් තහනම් කර තිබේ. – ලංකාදීප







