යුකේරේන රුසියානු යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයින් යළි සිය රටට ගෙන්වා ගැනීම සඳහා සිදුකන විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡාවකට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් මේ මස අගදී රුසියාවට යාමට නියමිත බව ඩේලි මිරර් වාර්තා කරයි.
දෙරට අතර කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකින් තොරව ප්රශ්නය විසඳා ගැනීමේ පියවරක් ලෙස, ශ්‍රී ලාංකික සොල්දාදුවන් ඉක්මනින් ආපසු රටට ගෙන්වා ගැනීමේ විධිවිධාන සාකච්ඡා කිරීමට රුසියාව ශ්‍රී ලංකාව වෙත නිල සංචාරයක් ලබා දී ඇතැයි එම වාර්තාව පවසයි.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන අයගෙන් සමන්විත දූත පිරිස ජූනි 25, 26 සහ 27 යන දිනවල මොස්කව්හිදී රුසියානු ආරක්ෂක බලධාරීන් හමුවීමට නියමිතව ඇත
ආකර්ශනීය වැටුප් සහ වෙනත් වරප්‍රසාද ලබා දෙන බවට පොරොන්දු වෙමින් විශ්‍රාමික ජෙනරාල්වරු ඇතුළු ඉහළ හමුදා නිලධාරින් කණ්ඩායමක් ඒජන්සි කරුවන් සමග එක් වි රුසියානු කුලී හේවා සමාගම් වෙත මෙම මිනිස් ජාවාරම සිදුකර තිබිණි. මේ වනවිට එවැනි ජාවාරම්කාර විශ්‍රාමික ජෙනරාල්වරු දෙදෙනෙක් ඉන්නේ පොලිස් අත් අඩංගුවේය.
යුක්රේනයට එරෙහිව සටන් කිරීමට රුසියානු හමුදාවට බැඳුණු හිටපු ශ්‍රී ලංකා සොල්දාදුවන් සම්බන්ධව ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරය සැලසුම් කිරීමට දෙරට කටයුතු කර තිබේ.
තවද යුක්රේනයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් නොමැතිවීම හේතුවෙන් යුක්රේන හමුදාවට එක් වී රුසියාවට එරෙහිව සටන් කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත රැස් කිරීම අසීරු වී ඇත. යුක්රේනයේදී රුසියානුවන්ට එරෙහිව සටන් කරමින් එක් ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බව මීට පෙර වාර්තා වී ඇත.
එහෙත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුකේරේන බලධාරීන් අමතමින් පසුගිය සෙනසුරාදා යුක්රේන විදේශ අමාත්‍යාංශයට ලිපියක් යවා යුක්රේනයේ සටන් කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විස්තර ඉල්ලා තිබේ.







