ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා වසර 32 ක් රජකළ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා රක්ෂිත භූමියේ තිබු දුර්ලභ ඓතිහාසික ස්මාරකයක් වූ “සඳගල“ ඊයේ (14) අළුයම ගලවාගෙන ගොස් ඇත්තේ බැකෝ යන්ත්‍රයක් අධාරයෙන් බවත් එය බර වාහනයක පටවා රැගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ පුරාවිද්‍යා ස්මාරකය අඩි හතක් දිග අඩි තුනක් පළල දැවැන්ත කළුගල් කුට්ටියකින් නිර්මාණය කළ ටොන් ගණනාවක් බර එකක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට දන්වා ඇත.
විශේෂත්වය වන්නේ මේ පුරාවස්තු සොරකම සිදුවී ඇත්තේ පුරාවිද්‍යා රැකවලුන් විසින් රැකවල් කරන බිමක වීමය. දැනට වාර්තාවන ආකාරයට 13 දින මාධ්‍යම රාත්‍රී කාලයේ සිට 14 දින අලුයම් කාලය අතර අක්කර හතක පමණ භූමි ප්‍රදේශයකින් යුත් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂාවට පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් යොදවා තිබී ඇත.
මින් පෙරද මෙම භූමිය පුරාවස්තු සංහාරකයින්ගේ ගොදුර බිමක් ලෙස පැවතී ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දියත් වී තිබේ.

මේ ලිපියත් බලන්න….
පල්ලෙකැලේ මිනිස්සුන්ගේ ගෞරවයට පත් ටොන් ගණනක් බර ඓතිහාසික “සඳගල“ පුරාවස්තු හොරුන් හොරකම් කරයි!







