ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජිල් නැමැත්තාට අයත් බව හෙළි වී ඇති කෝටි තිස් දෙක හමාරකට අධික වටිනාකමින් යුත් කිලෝ ග්‍රෑම් 12ක හෙරොයින් තොගයක් අංගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අංගොඩ ටයර් හංදිය ප්‍රදේශයේ නිවසක ඉතාම සූක්ෂම අයුරින් සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෙරොයින්තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශනය සඳහා විශේෂ කාර්ය බලකාය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.









