සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ටයිම් අවුට්” තරගයෙන් පසු ප්‍රථම වරට අද ශ්‍රි ලංකාව සමග බංගලියෝ ගැටෙති!   

by editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (13) පස්වරු 2ට  ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය ආම්භ වේ.  ඒ චටෝග්‍රෑම් අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ය.

මීට පෙර එක්දින තරගාවලියක දී බංගලාදේශය හා ශ්‍රි ලංකාව හමුවන්නේ  පසුගිය නොවැම්බර් 06 වැනිදා 2023 ලෝක කුසලාන තරගාවලියේ දී ය. ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය ලෙස එම තරගය පැවැත්වූයේ දිල්ලියේ දී ය.

එම තරගයේ දී චරිත් අසලංක ලකුණු 108ක් ලැබුවේය. පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලැබූහ. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 279ක ඉලක්කය බංගලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගන්නේ පන්දු 53ක් ඉතිරිව තිබිය දී ය.

මැතිව්ස් ගේ ටයිම් අවුට් දැවී යෑම…

ශකීබ් අල් හසන් කළ ඉල්ලීමක් අනුව  ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ටයිම් අවුට් දැවී යෑමට ඈන්ජලෝ මැතිව්ස් ලක් වන්නේ මේ තරගයේ දී ය.  තරගයේ 24 වැනි ඕවරයේ 2වැනි පන්දුවේ දී සධීර සමරවික්‍රම දැවී ගිය පසු එකම පන්දුවක්වත් නොයවා මැතිව්ස්ගේ කඩුල්ලත් බංගලාදේශය ලබා ගන්නේය. මේ දවා ගැනීම ක්‍රිකට් ලෝකයේ බරපතල විවේචනයකට ලක් විය. මැතිව්ස්  තරගයෙන් පසු බංගලාදේශ කණ්ඩායම නිර්දය ලෙස විවේචනය කළේය.

දැන් ක්‍රිකට් පිටිය උනුසුම් කරන ටයිම් අවුට් අභිනයට පාදක වූ  සිද්ධියෙන් පසු එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය හමුවන්නේ අදය. එහෙත් සිද්ධියේ ප්‍රධාන චරිත දෙක වූ ශකීබ් අල් හසන් සහ ඈන්ජලෝ මැතිව්ස් මෙම එක්දින තරගාවලියට ක්‍රිඩා කරන්නේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද තරගය මල්ලව පොර තරගයක් තරමට උණුසුම් වනු ඇතැයි ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තුවය.

ශ්‍රි ලංකාව මේ වසරේ සිම්බාබ්වේ 2-0ක් සහ ඇෆ්ගනිස්ථානය 3-0ක් ලෙස එක්දින තරඟාවලි  දැනටමත් ජයග්‍රහණය කර  ඇත. ඔවුන් ඉන්දියාවේ දී තමන්  අත්විඳි අවානවේ දුර්වර්ණ ඉරණමින් ක්‍රමයෙන් මිදෙමින් ඇති ආකාරය අන්තර්ජාතික විචාරකයෝ දකිති.

සිය රට තුළ දී  එක්දින තරගාවලියකින් බංගලාදේශය පරාජය කිරීම පහසු නැති අතීතයක් තිබිණි.     නමුත් ඒ කතාව දැන් ඉවරය.  මින් පෙර   සිය මව්බිමේ දී පැවති  ඇෆ්ගනිස්ථාන සහ , නවසීලන්ත  තරගාවලි දෙකම ඔවුන් පරාදය.  එමෙන්ම මේ වනවිට ඔවුන් ලංකාව හමුවේ  විස්සයි 20 තරගාවලියකුත් සිය මව් බිමේ දී පරාදය.

බංගලියන් අද තරගයට එන්නේ මේ  පීඩනයත් සමගය. එහෙන්ම මෙම එක්දින තරගාවලියත් පරාජය වුවහොත් පිට පිට සිය මව්බිමේ දී එක්දින තරගාවලි 3ක් පරාජය වෙමින්  2011   දී අත් විඳි තියුණු බිඳවැටීම ඔවුන් මත පතිත වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොච්චර කිව්වත් අහන්නේ නෑ… උණුසුම වැඩි වෙද්දි පාසල් ක්‍රීඩා සැලසුම් කළ යුතු ආකාරය ගැන ඇති නිර්දේශ ඇතැමුන් නොසළකා හැරලා… අධ්‍යාපන ලේකම් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වයි!

Next Post

“කුඩාවැල්ල අයියාගේ“ කුඩු හම්බන්තොටට හා මාතරට තොගේට බෙදූ උක්කුවා මාට්ටු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.