පවතින අධික උෂ්ණත්වයේ දී පාසල් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වාසනා පෙරේරා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලිඛිත සිහි කැඳවීමක් කර තිබේ .
අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා මැරතන් ධාවන තරගයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ මියයාමේ සිද්ධිය සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වාසනා පෙරේරා විසින් මෙම ලිඛිත සිහි කැඳවීම සිදුකර ඇත.
මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය මත සියලු පාසල් සහ පිරිවෙන්වල දෛනික කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ලබා දී තිබියදීත් ඇතැම් පාසල් එම කරුණු නොසලකා ඇති බව අ ලේකම්වරිය සිය ලිපියේ අවධාරණ කර තිබේ.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය අනුව සියලුම පාසල් සහ පිරිවෙන්වල දෛනික කටයුතු සහ එළිමහන් ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව එම ලිපියෙන් උපදෙස් ලබා දී ඇත.
අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා මැරතන් ධාවන තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඇද වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් අධ්‍යාපන කලාපයෙන් වාර්තාව ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.








