ලලිත් චාමින්ද –
-
මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා වැයවු රුපියල් බිලියන 37ක්… එම මුදල මුදල ඵලදායි ලෙස භාවිතාකොට නැහැ.
-
වසර 05 ලැබු අලාභය රුපියල් බිලියන 20.59ක්. ඉකුත් වර්ෂයේ පමණක් අලාභය රුපියල් බිලියන 4.44ක්… මෙහෙයුම් වියදම ආදයමට වඩා 21 ගුණයකින් වැඩිවෙලා.
-
ලබා ගත් ණයට පොලිය ලෙස වාර්ෂිකව බිලියන 2.61ක් ඊට අමතරව ගෙවනවා…
-
වසරක අපේක්ෂිත මගී ධාරිතාව මිලියනයක්… නමුත් අවුරුදු 05ටම ගමන් ගත් මගින් සංඛ්‍යාව ’ 91,747යි… දළ වශයෙන් දවසකට මගීන් 50ක් වත් ගුවන්තොටුපල පරිහරණය කර නෑ..
මත්තල ජාත්‍යන්තර, ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා දරණු ලැබු ඇමරිකානු ඩොලර් මිලියන 247.7ට සමාන රුපියල් මිලියන තිස්හය දහස් පන්සිය හැටහතරක් වු (36,564) මුළු වියදම ඵලදායි ලෙස භාවිතා කොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ දි (2021) මත්තල, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ, මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02ක් වු අතර එය මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකින් වැඩිවි ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඉකුත් වර්ෂයේ දි බදු ගෙවිමෙන් පසු මත්තල ජාත්‍යන්තර්, ගුවන්තොටුපොළ ලැබු ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44කි.
2017 වර්ෂයේ සිට 2021 වසර දක්වා වු කාලය තුළ ලැබු ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59කි. (මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් බිලියන 36.56කි. )
මත්තල ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද පසුගිය වසර 05 තුළ මුළු මගි සංඛ්‍යාව 91,747කි. එමෙන්ම ඉකුත් වසර පහ තුළම මුඵ ගුවන් ගමන් සංඛ්‍යාව 2,396කි.
ගුවන් තොටුපොළ ඉදිකිරීම සදහා ලබාගත් ඩොලර් මිලියන 190ක් වු ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරික ලෙස රුපියල් මිලියන 2610 ක (බිලියන 2.61ක) මුදලක් සමගාම් විසින් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙහි මෙහෙයුම් කටයුතු හා වැඩිදියුණු කිරිම් වඩාත් කාර්යක්ෂම සහ පිරිවැය පලදායි ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තිරණයක් ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.







