මැතිවරණ කොමිසම මීට ස්වල්ප වෙලාවකට පෙර 2024 ජනාධිපතිවරණවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ රටේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ බව නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්රමසිංහ පැමිණ නොසිටීම කැපී පෙනුනේය. එහෙත් ජනාධිපතිවරණය සඳහා තරග වැදුන අපේක්ෂකයින් ගණනාවක් මේ අවස්ථාවට එක් වී සිටියහ.
මැතිවරණය සාර්ථක කරගැනිම සඳහා සහයෝගය දුන් සියලුම පාර්ශවවලට මැතිවරණ කොමසාරිස්වරයා දීර්ඝ ස්තුතියක් පුද කරනු ලැබීමෙන් අනතුරුව 9 වැනි විධායක ජනාධිපතිවරයාගේ තේරී පත්වීම නිවේදනය කරනු ලැබුවේය.
අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා එක් එක් අපේක්ෂකයින් විසින් ලබා ගත් ඡන්ද ප්රමාණය ප්රකාශ කළේය.
අනතුරුව මැතිවරණ කොමසාරිවරයා ප්රකාශ කළේ මනාප ඡන්ද එක් ලක්ෂ පනස් දහස් දෙසීය හැට හතරක් සහිතව ඡන්ද පනස් හත් ලක්ෂ හතලිස් දහස් එකසිය හැත්තෑ නවයක් ලැබූ අනුර කුමාර දිසානායක ශ්රී ලංකා රජයේ 09වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පත් වන බවය.







