තෛපොන්ගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ නාග විහාරයට ගොස් මහා සංඝරත්නය බැහැ දැක ආශීර්වාදය ලබාගෙන ඇත.
ජනාධිපතිවරයා නල්ලෙයි ආදීන ආශ්රමාධිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා ද, යාපනය රදගුරු නිලනිවසට ගොස් යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් රදගුරුතුමා ද බාහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ.
![](http://lankasara.com/wp-content/uploads/2023/01/WhatsApp-Image-2023-01-15-at-15.34.10.jpg)
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපත් ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මේ අවස්ථාවට එක් වී සිටියෝය.
![](http://lankasara.com/wp-content/uploads/2023/01/WhatsApp-Image-2023-01-15-at-15.34.13.jpg)