සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ඉල්ලා අස්වෙන්න සූදානම් බව කතානායකට කියලා… කතානායක විපක්ෂ නායක ගැටුමෙන් ඇත්ත හෙලි වෙයි!

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂ නායක රැස්වීමක දී කතානායකවරයා ජනාධිපති ඉල්ලා අස්වීමට සූදානම් බව කී ප්‍රකාශයක් සම්බන්ධව අද කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා අතර තියුණු සංවාදයක් ඇතිවිය.  පක්ෂ නායකවරුන් එක්වී පවසන්නේ නම් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක දී කතානායකවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායකවරයා හෙළි දරවු කර තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාට පවසා තිබුණේ ඒ සඳහා වෙලාවක් ලබා දෙන ලෙසය. එහෙත් මෙම ප්‍රකාශය හෙළිකිරීමත් සමග කතානායකවරයා තමන් එවැන්නක් නොකී බව අද පාර්ලිමේන්තුවේ දී කීවේය. කතානායකවරයා ප්‍රකාශ කළේ විපක්ෂ නායක බොරු කියන බවත්, පාර්ලිමේන්තුවේ 225ම කීවත් ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවන බවත්ය. 113ක බහුතරය හදාගත්තොත් ආණ්ඩුව ඔවුනට ලබා දෙන බවනම් ජනපති කීවේ යැයි කතානායකවරයා කී විට විපක්ෂ නායක කීවේ කතානායක මේ අසුනේ සිටින්නට සුදුසු නැති ටොම් පචයෙක් බවය.

එම තියුණු සංවාදය ඇතිවූයේ මෙසේය.

කතානායක  – මේ වනවිට සමාජ මාධ්‍යෙය යනවා  ජනාධිපති කතානායකට ප්‍රකාශකර තිබෙනවා කියලා  ඉල්ලා අස්වෙන්න සූදානම් කියලා. මම එහෙම කිව්වෙ නෑ. මම කිව්වෙ 113ක් අරන් පෙන්නුවොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා. ඒක අදත් වලංගුයි. කරුණාකරලා 113ක් හදාගෙන යන්න. ජනාධිපතිව ඉල්ලා අස්වෙන්න කියනාන පාර්ලිමේන්තුවෙ  225ටම බලයක් නැති බව තමුන්නාසෙ තේරුම් ගන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විපක්ෂ නායක – ගරු කතා නායක රැස්වීමක්දි , දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මගෙ ඉස්සරහා හිටියෙ. ඔබතුමා එහෙම ප්‍රකාශ කරලා දැන් නැහැයි කියලා කියනවා නම් මට ඔබතුමාට කියන්න සිද්ධ වෙනවා ඔබතුමා කියන්නෙ අසත්‍යයක් කියලා.

කතානායක – නෑ. ඔබතුමා කියන්නෙ අසත්‍යයක්..

විපක්ෂ නායක – නෑ නෑ,.. ඔබතුමා කිව්වා ඒක. අපිත් පුදුම වුනා
කතානායක – ඔබතුමා වැරදි විග්‍රහයක් කරන්නෙ.

විපක් නායක – නෑ නෑ නෑ.. අපිත් පුදුම වුණා.  මම මොනවට ද මෙතෙන්ට ඇවිත් බොරු කියන්නෙ.

කතානායක  – මං කිව්වෙ 113ක් අරන් පෙන්නුවොත් රජය දෙන්න සූදානම් කියලා

විපක්ෂ නායක – සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් ඔබතුමා කියන්නෙ.. ඔබතුමා කියන්න ඔබතුමාගෙ කතාවෙදි වැරදුනා කියලා. මම මෙතනදි කිව්වෙ ඉස්පිල්ලක් පා පිල්ලක් නෑර ඔබතුමා කිව්ව දේ.

කතානායක – සම්පූර්ණයෙන් වැරදියි. වැරදි විග්‍රහයක් ඔබතුමා කරන්නෙ.

විපක්ෂ නායක – මම බොරු කියනවා කියල ද කියන්නෙ.  ගරු කතානායක තුමනි. මේ  වගේ ටොම් පච කතා කියන්න එන්න එපා.

කතානායක – තමුන්නාසෙයි ටොම්පච කතා කියන්නෙ.

විපක්ෂ නායක – තමුන්නාසෙ කතානායක නෙමෙයි පචයෙක් එහෙනම්. පචයෙක්. බොරු කියන්න එන්න එපා.

කතානායක – තමුන්නාසෙ බොරු කියන්න එන්න එපා.

විපක්ෂ නායක – ඒ කතාව කියනකොට මගෙ ඉස්සරහ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා හිටියා. ඔබතුමා කියපු කතාව මම ආයෙ කියන්නම්. මේ සභාවේ පක්ෂ නායකවරු කියනවා නම්, විපක්ෂයේ නායකවරු කියනවා නම් විවිධ පක්ෂ නියෝජනය කරන ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනවා කිව්වා.

කතානායක – එකසිය දහ තුනක් තියනවා නම්…

විපක්ෂ නායක- එකසිය දහ තුනක් ගැන කිව්වෙ නෑ. එකසිය දහතුන කොහොමටත් තියනවා. බය වෙන්න එපා. 113 ඉස්සරහට පෙන්වන්නම්. ඒක ගැන බය වෙන්න එපා. ඔබතුමා කිව්වෙ ඒක නෙමෙයි. පක්ෂ නායකවරු ඔක්කොම ගිහින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළොත් ජනාධිපති තුමා ඉල්ලා අස්වෙන්න ලෑස්තියි කියලා ඔබතුමා කිව්වා. ඊට පස්සෙ මම ඔබතුමා කිව්වා වෙලාවක් අරන් දෙන්න කියලා.  කොහොම ද ඔබතුමා මෙහෙම පච කියන්නේ.

කතානායක – ඔබතුමා කරන්නෙ වැරදි විග්‍රහයක්.

විපක්ෂ නායක  – ඔබතුමා ඔය පුටුවට නිග්‍රහ කරන්න එපා. මම පැහැදිලිව කියනවා. ඔබතුමා ටොම් පචයක් කියන්නෙ.

කතානායක – තමුන්නාසෙත් ටොම් පචයක් කියනවා කියලා මං කියනවා.

විපක්ෂ නායක – ගරු දිනේෂ් ගුණවර්ධන මැති තුමා. ඔබතුමාටත් ඇහුනනෙ එතුමා කියපු දේ.  ඔබතුමා නැගිටලා කියන්න මං බොරුවක් කියන්නෙ කියලා. ( දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා නිශ්ශබ්දයි) …  කතානායක තුමා. ඔබතුමා හිතුව ද ඔබතුමා කියපු දේ විකෘති කරලා මෙතෙන්ට ඇවිත් කතා කරන්න මං මෝඩයෙක් කියලා. අනේ නිකම් ඉන්න කතානායක තුමා. නිකම් බොරු කතා රකන්න එපා.

කතානායක  -දැන් ඕක ඔතනින් නවත්වන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට සහාය පල කළ මන්ත්‍රීවරු තුනක් ගැලවෙති!

Next Post

රඹුක්කන බවුසරය තෙල් ගත්තෙ වැඩි කළ මිලට…. හිතා මතා ප්‍රමාද වූ බව කීම බොරුවක් – බලශක්ති ඇමති කියයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.