ආණ්ඩුවට සහාය පලකමින් සිටි මන්ත්‍රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අද (20) සිට ආණ්ඩුවට සහය පලකිරීමෙන් වැලකී සිටින බව නිවේදනය කළේය.
මන්ත්‍රීවරුන් තිදෙනා වෙනුවෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම්ය. ඔහු කීවේ තමන් එම්.එස්. තවුෆික්, ඉෂාක් රහුමාන් සමග ආණ්ඩුවට සහය පලකිරීමෙන් වැළකී සිටින බවය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ආණ්ඩුවට සහය පල කරමින් ඔවුන් තිදෙනා සමගි ජන බලවේගයෙන් වෙන් වී ගියේය.







