ලලිත් චාමින්ද –
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව අද ගාල්ල සහ තංගල්ල ධීවර කාර්මිකයෝ මගට බැස සිටිති.
තංලල්ල ධීවරයින් අද උදේ තංගල්ල නගර මධ්‍යයේ උද්ඝෝෂණ අරඹා අග්‍රාමාත්‍ය වරයාගේ කාල්ටන් නිවස අසලට විරෝධා පෙළපාළියකින් ගමන් කළහ. අනතුරුව කාල්ටන් නිවස අසළ විරෝධතා පවත්වා යළි තංගල්ල නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
ඊට සහයෝගය ලබා දෙමින් කුඩාවැල්ල ධීවර කාර්මිකයෝ ගාල්ල මාතර පාර කුඩාවැල්ලෙන් හරස් කර උද්ඝෝෂණයක නිරත වූහ. ගාල්ල ධිවර වරාය කමිටුව මගින් මෙකි විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
මේ අතර ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයින් මාගාල්ල ධිවර වරාය පරිශ්‍රයේ සිට පාගමනින් ගාල්ල නගරය හරහා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවුහ.
ඉන්ධන මිල වැඩිකිරිම නිසා ධිවර කාර්මිකයින් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බැව් විරෝධතාකරුවෝ මෙහිදි සදහන් කළහ.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ විසින් ධීවර කාර්මිකයින් 10 දෙනෙකුට මෙකි ගැටලුව පිළිබද සාකච්ඡා කිරිම සදහා අවස්ථාව ලබා දුන්නේය.