සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ඉන්දියාවේ ගත කරන හෙට කුරුන්දි විහාරය බිමෙන් ආගමික යුද්ධයක් අවුලන්න ටී.එන්.ඒ උත්සාහයක්?

by editor
ජූලි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක යෙදී සිටින හෙට (20) දිනය තුළ හැකි උපරිම පිරිස් බලයක් යොදා කුරුන්දි විහාර භූමියට ඇතුළු වී පොන්ගල් උත්සවයක් පැවැත්වීම සඳහා ද්‍රවිඩ දේශපාලන නායකයන් විසින් උසි ගන්වන ලද උතුරු නැගෙනහිර  සිවිල් වැසියන් පිරිසක් සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ පිළිබඳ අදහස් දක්වන  කුරුන්දි විහාරයේ සහ සපුමල්ගස්කඩ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි  හිමියන් ප්‍රකාශ කරනු ලැබුවේ සෑම සිකුරාදා දිනයකම විහාර භූමියට දෙවනුව එම ස්ථානයේ ගිනි මෙලවීමට දෙමළ ජනතාවට ඉඩ ලබා නොදුන්නත් ඊට යාබදව සිටි හමුදා භටයින් ආහාර පිසීමට ලිප් බැද තිබූ අතර වන්දනාකරුවන් ද මෙම ස්ථානයට පැමිණ ලිප් බැද ගිනි දල්වන බව මන්ත්‍රිවරයා කියා සිටියි.පැමිණ පොන්ගල් උත්සවයක් පැවැත්වීමේ  සැලැස්මක් සිවිල් වැසියන් පෙළ ගස්වනු ලබන උතුරේ දේශපාලන නායකයන් දියත් කර ඇති බවය.

පසුගිය සිකුරාදා (14) එවැනි උත්සවයක් පැවැත්විමට ගොස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පොලිසිය මැදිහත් වී එම අවස්ථාව වළක්වා තිබිණි.

ඔවුන් විහාර භූමිය අසල සඳකඩ පහණක් ආසන්නයේ ලිපි බැඳ ගිනි අවුලුවා පොන්ගල් උත්සවය පැවැත්වීමට කටයුතු කළ අවස්ථාවේ දී පුරාවිද්‍යා නිලධාරීහු ඊට එරෙහි වුයේ අවුරුදු දෙදහසකට වඩා පැරණි පුරාවස්තුවලට සිදුවන හානිය සම්බන්ධව දැනුම්වත් කිරීමක් ද කරමිනි.

පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිතව දන්වමින්   ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිධාර්ථන් පැවසුවේ   එම ස්ථානයේ ගිනි මෙලවීමට දෙමළ ජනතාවට ඉඩ ලබා නොදුන්නත් ඊට යාබදව සිටි හමුදා භටයින් ආහාර පිසීමට ලිප් බැද තිබූ අතර වන්දනාකරුවන් ද මෙම ස්ථානයට පැමිණ ලිප් බැද ගිනි දල්වන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව පවසන පුරාවිද්‍යා නිලධාරීන් පැවසුවේ මෙම ද්‍රවිඩ දේශපාලකයින් ලිප ගිනි මෙළවීමට උත්සාහ කරන තැන එවැනි කටයුත්තක් සඳහා කිසි විටෙකත් යොදා ගත නොහැකි තැනක් බවත්,  ලිප් බැඳීම සඳහා පුරාවස්තු නොමැති භූමියක් තෝරා දෙනු ලැබුවේ පුරාවිද්‍යා නිලධාරීන් විසින්ම බවත්ය.

ඔවුන් පවසන්නේ මේ හැසිරීම අතිශය ගෝත්‍රික මෙන්ම පුදුම සහගත බවය. පුරාවස්තුවක වටිනාකම මතුවන්නේ නිවැරදි විද්‍යාත්මක දත්ත මත තහවුරුවන පෞරාණික අගය සහිත ජාතික උද්දීපනයකින් විනා  හින්දු බෞද්ධ හෝ ඉස්ලාම් වශයෙන් නොවන බවය.

ඉතාම පටු දේශපාලනික අවශ්‍යතා අරභයා තහවුරු කරන ලද සහශ්‍ර දෙකක ඉතිහාසය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට ජනතා නායකයන් උත්සාහ කිරීම ජාතියේම අතිශය ඛේදවාචකයක් බව කියන ඔවුන් මේ යථාර්ථය උගත් ද්‍රවිඩ දේශපාලකයින් අතැඹුලක් සේ දැන දැනම මේ අපරාධය මෙහෙයවීම මේ සිද්ධියේ ඇති බිහිසුනුම ඛේදවාචකය බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ අතර අද දිනයේ කොළඹට වැඩම කළ කුරන්දි විහාරයේ නායක හිමිපානන්වන   ගල්ගමුවෙ සන්තබෝධි හිමියන් අද කැනඩා තානාපතිවරයා හමුවීමට ගියහ.

ඒ කැනඩා තානාපතිවරයා පසුගිය සතියේ කළ උතුරේ සංචාරයේ දී රවිහරන් මන්ත්‍රීවරයා විසින් “ බෞද්ධ භික්ෂූන් ඇතුළ පිරිසක් තමන්ගේ හින්දු කොවිල වන්දනා කිරීමට ඉඩ නොදෙන බවට” තානාපතිවරයා වෙත කළ ප්‍රකාශයට ශාස්ත්‍රීය පිළිතුරක් ද රැගෙනය.

හෙට පැමිණෙන පිරිස දැඩි විරෝධයක් දක්වා පුදබිම තුළ පොන්ගල් උත්සවය පවත්වා එහි හින්දු සංකේතයක් තැන්පත් කිරීමට සූදානම් වන බව විශ්වාස කටයුතු තොරතුරු හෙළි කරයි.

කුරුන්දි විහාරය යනු මහා සීහල අට්ඨකතා යටතට ගැනෙන කුරුන්දි අටුවාව සංගෘහිත කළ මහින්දාගමනය තෙක් දිවෙන තහවුරු කළ ඉතිහාසයක් සහිත  උතුරේ පෞරාණික මහා විහාරය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එන්නත් විස වීමේ සිද්ධියෙන් පසු රෝහල්වල මිය යන පුද්ගලයින් බහුතරයකගේ මරණ සැක යැයි පැමිණිලි!

Next Post

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්චයවරුන් 30කගෙන් කෝටි 15ක පොල්ලක්… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.