ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක යෙදී සිටින හෙට (20) දිනය තුළ හැකි උපරිම පිරිස් බලයක් යොදා කුරුන්දි විහාර භූමියට ඇතුළු වී පොන්ගල් උත්සවයක් පැවැත්වීම සඳහා ද්‍රවිඩ දේශපාලන නායකයන් විසින් උසි ගන්වන ලද උතුරු නැගෙනහිර සිවිල් වැසියන් පිරිසක් සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
මේ පිළිබඳ අදහස් දක්වන කුරුන්දි විහාරයේ සහ සපුමල්ගස්කඩ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් ප්‍රකාශ කරනු ලැබුවේ සෑම සිකුරාදා දිනයකම විහාර භූමියට දෙවනුව එම ස්ථානයේ ගිනි මෙලවීමට දෙමළ ජනතාවට ඉඩ ලබා නොදුන්නත් ඊට යාබදව සිටි හමුදා භටයින් ආහාර පිසීමට ලිප් බැද තිබූ අතර වන්දනාකරුවන් ද මෙම ස්ථානයට පැමිණ ලිප් බැද ගිනි දල්වන බව මන්ත්‍රිවරයා කියා සිටියි.පැමිණ පොන්ගල් උත්සවයක් පැවැත්වීමේ සැලැස්මක් සිවිල් වැසියන් පෙළ ගස්වනු ලබන උතුරේ දේශපාලන නායකයන් දියත් කර ඇති බවය.
පසුගිය සිකුරාදා (14) එවැනි උත්සවයක් පැවැත්විමට ගොස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පොලිසිය මැදිහත් වී එම අවස්ථාව වළක්වා තිබිණි.
ඔවුන් විහාර භූමිය අසල සඳකඩ පහණක් ආසන්නයේ ලිපි බැඳ ගිනි අවුලුවා පොන්ගල් උත්සවය පැවැත්වීමට කටයුතු කළ අවස්ථාවේ දී පුරාවිද්‍යා නිලධාරීහු ඊට එරෙහි වුයේ අවුරුදු දෙදහසකට වඩා පැරණි පුරාවස්තුවලට සිදුවන හානිය සම්බන්ධව දැනුම්වත් කිරීමක් ද කරමිනි.
පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිතව දන්වමින් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිධාර්ථන් පැවසුවේ එම ස්ථානයේ ගිනි මෙලවීමට දෙමළ ජනතාවට ඉඩ ලබා නොදුන්නත් ඊට යාබදව සිටි හමුදා භටයින් ආහාර පිසීමට ලිප් බැද තිබූ අතර වන්දනාකරුවන් ද මෙම ස්ථානයට පැමිණ ලිප් බැද ගිනි දල්වන බවය.
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව පවසන පුරාවිද්‍යා නිලධාරීන් පැවසුවේ මෙම ද්‍රවිඩ දේශපාලකයින් ලිප ගිනි මෙළවීමට උත්සාහ කරන තැන එවැනි කටයුත්තක් සඳහා කිසි විටෙකත් යොදා ගත නොහැකි තැනක් බවත්, ලිප් බැඳීම සඳහා පුරාවස්තු නොමැති භූමියක් තෝරා දෙනු ලැබුවේ පුරාවිද්‍යා නිලධාරීන් විසින්ම බවත්ය.
ඔවුන් පවසන්නේ මේ හැසිරීම අතිශය ගෝත්‍රික මෙන්ම පුදුම සහගත බවය. පුරාවස්තුවක වටිනාකම මතුවන්නේ නිවැරදි විද්‍යාත්මක දත්ත මත තහවුරුවන පෞරාණික අගය සහිත ජාතික උද්දීපනයකින් විනා හින්දු බෞද්ධ හෝ ඉස්ලාම් වශයෙන් නොවන බවය.
ඉතාම පටු දේශපාලනික අවශ්‍යතා අරභයා තහවුරු කරන ලද සහශ්‍ර දෙකක ඉතිහාසය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට ජනතා නායකයන් උත්සාහ කිරීම ජාතියේම අතිශය ඛේදවාචකයක් බව කියන ඔවුන් මේ යථාර්ථය උගත් ද්‍රවිඩ දේශපාලකයින් අතැඹුලක් සේ දැන දැනම මේ අපරාධය මෙහෙයවීම මේ සිද්ධියේ ඇති බිහිසුනුම ඛේදවාචකය බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අතර අද දිනයේ කොළඹට වැඩම කළ කුරන්දි විහාරයේ නායක හිමිපානන්වන ගල්ගමුවෙ සන්තබෝධි හිමියන් අද කැනඩා තානාපතිවරයා හමුවීමට ගියහ.
ඒ කැනඩා තානාපතිවරයා පසුගිය සතියේ කළ උතුරේ සංචාරයේ දී රවිහරන් මන්ත්‍රීවරයා විසින් “ බෞද්ධ භික්ෂූන් ඇතුළ පිරිසක් තමන්ගේ හින්දු කොවිල වන්දනා කිරීමට ඉඩ නොදෙන බවට” තානාපතිවරයා වෙත කළ ප්‍රකාශයට ශාස්ත්‍රීය පිළිතුරක් ද රැගෙනය.
හෙට පැමිණෙන පිරිස දැඩි විරෝධයක් දක්වා පුදබිම තුළ පොන්ගල් උත්සවය පවත්වා එහි හින්දු සංකේතයක් තැන්පත් කිරීමට සූදානම් වන බව විශ්වාස කටයුතු තොරතුරු හෙළි කරයි.
කුරුන්දි විහාරය යනු මහා සීහල අට්ඨකතා යටතට ගැනෙන කුරුන්දි අටුවාව සංගෘහිත කළ මහින්දාගමනය තෙක් දිවෙන තහවුරු කළ ඉතිහාසයක් සහිත උතුරේ පෞරාණික මහා විහාරය ය.







