අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ තෙදින පා ගමන මේ වනවිට බේරුවලින් ආරම්භ වී තිබේ.
අද (17) උදේ 09ට බේරුවලින් ආරම්භ වූ පා ගමනට ජාති ආගම් භේද නොසලකා විශාල පිරිසක් රැස් වෙමින් ඇත.
පාගමනෙහි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, ඇතුළු දේශපාලකයින් සේම විවිධ ක්ෂේත්රවල වෘත්තිකයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන් පිරිසක් එක් වී සිටිති.
ගෝල්ෆෙස් ජනතා අරගලකරුවන්ට සහාය පලකිරීම සඳහා ආරම්භ කර ඇති මෙම පා ගමන ගෝල්ෆේස් එන්නේ නැත.
අද දින වාද්දූවෙන් දිනය අවසන් කර හෙට 918) වාද්දූවේ සිට මොරටුව වෙ පැමිණ, අනිද්දා (19) මොරටුවේ සිට කොළඹ නගරසභා පිටිය වෙත පැමිණීමට නියමිතය.








