සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාමික විසිවුනේ බුදු පහන නිසා ද?. ආගමක් නිසා කොන් වෙන්න දෙන්නෙ නෑ… තදින් ක්‍රියාකරන බව ඇමති කියයි!

by editor
නොවැම්බර් 26, 2022
in පුවත්
roshan-k
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙතෙක් කිසිවෙක් නොගත් බරපතල තීන්දු කීපයක් ඉදිරියේදී තමන් විසින් ගන්නා ආකාරය රටට බලාගත හැකි වනු ඇතැයි ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ නෙත් එෆ්.එම් ගුවන්විදුලියේ රතුකට්ට විශේෂාංගයට එක් වෙමිනි.

බුදු හාමුදුරුවන් වෙනුවෙන් බුදු  පහනක් පත්තු කිරීම හේතුවෙන්  ප්‍රශ්නගතව සිටින චාමික කරුණාරත්නගේ සිදුවීම ඇතුළු ඔස්ට්‍රේලියානු සංචාරයේ දී සිදුවූ සියලු සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බව කී ඇමතිවරයා ආගමික කල්ලිවල බලපෑම සම්බන්ධව අසෙන කතා ගැන තමන් දැනුම්වත් බවත් ඒ සම්බන්ධව ක්‍රීඩකයින් කීප දෙනෙකුගෙන්ම තොරතුරු ලැබී ඇති බවත් පැවසුවේය. ඇමතිවරයා ආගමක් හේතුවෙන් කිසිම ක්‍රීඩකයෙකුට කොන් වීමට ඉඩ නොතබන බවද පැවසුවේය.  ඒ සම්බන්ධව තදින් ක්‍රියා කරන බවත් ඇමතිවරයා කීවේය.

ඇෆ්ගනිස්ථාන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායට තරග වැදීමට අමාත්‍යවරයා වශයෙන් තමා අනුමැතිය දී නැතැයි අමාත්‍යවරයා පැවසුවේය.

කණ්ඩායම තේරීමේ දී ඇති වී තිබෙන බරපතල ප්‍රශ්න හේතුවෙන් තමන් අනුමැතිය ලබා නොදුන් නමුත් තරගාවලිය පැවැත්වීම සඳහා    ලේකම්වරයා හරහා  අමාත්‍යංශ මට්ටමින් එම අනුමැතිය ලබා දුන් බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මෙතන දීර්ඝ කතාවක් තියනවා. මගේ අත්සනට ෆයිල්  එක එන වෙලාවෙ  ප්‍රශ්නයක් තිබ්බා. ගරු මන්ත්‍රීවරුන් මගෙන් අහනවා   ඇයි මේ කණ්ඩායම තේරීමේ දී එක් දින තරග මාලාවේ දස්කම් අතර ඉහළින්ම ඉන්නා චාමික කරුණාරත්නව තෝරලා නැත්තෙ කියලා.

චාමිකට මුලින්ම තිබුණෙ විනය කඩ කිරීමේ චෝදනාවක්. දෙවෙනියට තිබ්බේ ඔහු කුසලතා අතර නෑ කියලා.    මේ තේරීමේ දී මම යම් ගැටලුවක් පැහැදිලිවම දකිනවා

“කොළඹ රැඳී ඉන්න වෙලාවෙ තේරීම් කමිටුවෙ සභාපතිත් ගෙන්වලා මේ ගැන ප්‍රශ්න කළා.  ප්‍රධානම ප්‍රශ්නය මේකයි.  ජාතික තේරීම් කමිටුව හැම කණ්ඩායමක්ම නිරීක්ෂණය කරලා තමයි මගෙ අනුමැතියට එවන්නේ.  මෙතන ගැටලුවක් තියනවා.  ජාතික තේරීම් කමිටුවටත් මේ ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධව වගකීමක් දරන්නෙ නෑ. ඉතින් මේ ප්‍රශ්නයත් එක්ක අමාත්‍යාංශ මට්ටමින් ඒ අනුමැතිය ලබා දෙන්න කියලා මා පැහැදිලිව කිව්වෙ.“

“මේ වනවිට මට පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව ජාතික තේරීම් කමිටුවට වග කියන තේරීම් කමිටුවක් වෙනුවෙන් නාම යෝජනා එවන්න කියලා මා ක්‍රිකට් ආයතනයට දැනුම් දීලා තියනවා.“

තව ටික දවසකින් ඔබට දැක ගන්න  පුලුවන් වේවි… ක්‍රීඩාව සම්බන්ධව එදා මෙදා තුළ ලබා නොගත් තීන්දු කීපයක් ලබා ගන්න මා බලාපොරොත්තුව ඉන්නවා. “ ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව කුළු ගැන්වූ කුප්‍රකට මුම්බායි ප්‍රහාරය

Next Post

දැඩිව මතට ඇබ්බැහි වූ කුඩුකාරයින් 500ක් පොලිස් රාජකාරියේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.