සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව කුළු ගැන්වූ කුප්‍රකට මුම්බායි ප්‍රහාරය

නොවැම්බර් 26 වැනිදාට 14 වසරයි

by Lanka Sara Editor
නොවැම්බර් 26, 2022 - Updated on නොවැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කුප්‍රකට මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 14කි. මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය යනු, 2008 නොවැම්බර් 26-29 දිනවල ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර(බොම්බේ) සිදු වූ බහු ත්‍රස්ත ප්‍රහාර මාලාවකි. පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර් ඊ තායිබා සංවිධානයට සම්බන්ධ බවට සැලකෙන තුවක්කුකරුවන් 10 දෙනෙකු විසින් මෙම ප්‍රහාර එල්ල කරන ලදී. ඒ.කේ 47 වර්ගයේ ස්වයංක්‍රීය ගි නිඅවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ ව සිටි ත්‍රස්තවාදීහු මුම්බායි හි දකුණු ප්‍රදේශයේ චත්‍රපති ශිවාජි දුම්රිය ස්ථානය, ජනප්‍රිය ලියෝපෝල්ඩ් කැෆේ, රෝහල් දෙකක් සහ රංග ශාලාවක් ඇතුළු බොහෝ ස්ථානවලදී සිවිල් වැසියන් ඉලක්ක කර ගත්හ. නොවැම්බර් 26 වැනි දින රාත්‍රී 9.30 ට පමණ ආරම්භ වූ ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් පැය කිහිපයක් ඇතුළත අවසන් වූ නමුත් ප්‍රාණ ඇපකරුවන් ලෙස ස්වදේශිකයන් සහ විදේශිකයන් රඳවාගෙන සිටි ස්ථාන තුනක භීෂණය දිගින් දිගටම දිග හැරිණි. යුදෙව්වන් සම්බන්ධ මධ්‍යස්ථානයක්වූ නාරිමන් හවුස් සහ සුඛෝපභෝගී හෝටල් දෙකක් වන ඔබරෝයි සහ ටජ්මහල් පැලස් එම ස්ථාන තුන විය.

නොවැම්බර් 28 සවස නාරිමන් හවුස් හි ගැටුම අවසන් වන විට ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු මෙන්ම තුවක්කුකරුවන් දෙදෙනෙකු ද මිය ගොස් තිබිණි. ඔබරෝයි සහ ටජ්මහල් යන හෝටල් දෙකේදී, අමුත්තන් සහ කාර්ය මණ්ඩලය දුසිම් ගණනක් වෙඩි තැබීම්වලට හසු වී හෝ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනිණි.ශ්‍රි ලංකාවෙ ප්‍රමුඛ පෙළේ බහුජාතක සමාගමක පුධානියකුද ඒ අතර විය.  ඉන්දීය ආරක්ෂක හමුදා ඔබරෝයි හෝටලයේ වටලෑම නොවැම්බර් 28 මධ්‍යම රාත්‍රියේදී සිදුකළ අතර, පසුදා උදෑසන ටජ්මහල් හෝටලය අත්පත් කරගැනීම අවසන් කළහ. සමස්තයක් වශයෙන්, ආරක්ෂක හමුදා සාමාජිකයින් 20 ක් සහ විදේශීය ජාතිකයින් 26 ක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 174 දෙනෙකු මෙම ප්‍රහාර මාලාව අතරතුර මියගොස් ඇතැයි ඉන්දීය රජයේ නිල වාර්තා අනාවරණය කරයි. එහිදී තුවාල ලැබූ පිරිස 300කට අධික විය. ප්‍රහාර මාලාවට සම්බන්ධවූ ත්‍රස්තවාදීන් 10 දෙනාගෙන් 9 දෙනෙකු මිය ගිය අතර එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.

ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් මීට සම්බන්ධවූ ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාවය පිළිබඳ අනුමාන කිරීම් සිදුකරමින් සිටින අතරතුර, පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන මුජහිදීන් හයිද්‍රාබාද් ඩෙකාන් නමින් හඳුන්වන නාඳුනන කණ්ඩායමක් විසින් විද්‍යුත් තැපෑලකින් එවන ලද පණිවිඩයක් මාර්ගයෙන් ප්‍රහාරයේ වගකීම භාර ගන්නා ලදී. කෙසේ වෙතත්, පසුව එම විද්‍යුත් තැපෑල පාකිස්ථානයේ පරිගණකයකින් සොයා ගන්නා ලද අතර, එවැනි කණ්ඩායමක් නොමැති බව අනාවරණය විය. සුඛෝපභෝගී හෝටල් දෙකේදීම සහ නාරිමන් හවුස්හිදී ත්‍රස්තවාදීන් විසින් බටහිර විදේශිකයින් වෙන්කර හඳුනාගෙන තිබූ ආකාරය නිසා මොවුන් ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන අල්-කයිඩාවට සම්බන්ධ විය හැකි බවට ඇතැම්හු විශ්වාස කළහ.

නමුත් අවසානයේ අත්අඩංගුවට ගත් ප්‍රහාරයට සම්බන්ධ වී එම අවස්ථාවේ දිවි ගලවාගත් ත්‍රස්තවාදියාගෙන් ලද තොරතුරුවලට අනුව පෙර හඳුනා ගැනීම් සත්‍ය නොවන බව පෙනී ගියේය. අජ්මාල් අමීර් කසාබ් නම් මෙම ප්‍රහාරකයා විසින් ප්‍රහාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් විමර්ශකයන්ට අනාවරණය කළේය. පකිස්තානයේ පන්ජාබ් පළාතේ උපන් කසාබ් විමර්ශකයන්ට අනාවරණය කරනු ලැබුවේ මුම්බායි ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් 10 දෙනා ලෂ්කාර්-ඊ-තයිබා කඳවුරු තුළ දීර්ඝ ගරිල්ලා-යුධ පුහුණුවක් ලැබූ බවයි. ත්‍රස්තවාදී කණ්ඩායම පන්ජාබ් සිට කරච්චි වරාය නගරයට ගොස් මුහුදු මාර්ගයෙන් මුම්බායි බලා යාමට පෙර මුරිඩ්කේ නගරයේ පිහිටි ජමාත්-උද්-ඩාවා නම් දෙවන හා ලෂ්කාර්-ඊ-තයිබා සමග සම්බන්ධ සංවිධානයේ මූලස්ථානයේ කාලය ගත කර ඇති බව ඔහු වැඩිදුරටත් අනාවරණය කර තිබිණි. පකිස්තාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රථමයෙන් ගමන් කිරීමෙන් පසු තුවක්කුකරුවන් ඉන්දීය ධීවර බෝට්ටුවක් පැහැරගෙන එහි කාර්ය මණ්ඩලය මරාදමා තිබිණි. පසුව, ඔවුන් මුම්බායි වෙරළට ආසන්න වූ පසු, ඔවුන් නගරයේ ගේට්වේ ඔෆ් ඉන්දියා ස්මාරකය අසල පිහිටි බද්වාර් උද්‍යානය සහ සැසූන් ඩොක්ස් වෙත ළඟාවීමට ඩිංගි යාත්‍රා භාවිතා කර තිබේ. එහි පැමිණි පසු ත්‍රස්තවාදීන් කුඩා කණ්ඩායම්වලට බෙදී තම ඉලක්ක වෙත පිටත්ව ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කසාබ් පසුව ඔහුගේ පාපොච්චාරණය ඉල්ලා අස්කර ගත්තේය. 2009 අප්‍රේල් මාසයේදී ඔහුගේ නඩු විභාගය ආරම්භ වූ නමුත්, ඇතැම් පාර්ශව විසින් බාල වයස්කරුවකු ලෙස හැඳින්වීමත් සමග කසාබ් වයස අවුරුදු 18 ට වඩා වැඩි බවත්, ඒ අනුව බාල වයස්කාර උසාවියක් තුළ නඩු විභාග කිරීමට නොහැකි වූ බවත් නිලධාරීන්ට තහවුරු කිරීමට සිදුවිය. ඒ අනුව විමර්ශනවලට සහ අධිකරණ ක්‍රියාවලියට යම් ප්‍රමාදයන් කිහිපයක් අත්විඳින්නට සිදු විය. ජූලි මාසයේදී ඔහු වරද පිළිගත්තද, නඩු විභාගය දිගටම පැවති අතර දෙසැම්බර් මාසයේදී ඔහු තම නිර්දෝෂීභාවය ප්‍රකාශ කළේය. කෙසේවෙතත් 2010 මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කසාබ් වරදකරු වී මරණ දඬුවම නියම විය. වසර දෙකකට පසුව ඔහුව මරා දමන ලදී. 2012 ජූනි මාසයේදී දිල්ලි පොලිසිය විසින් ප්‍රහාර අතරතුර ත්‍රස්තවාදීන් පුහුණු කළ සහ ඔවුන්ට මඟ පෙන්වූ අයගෙන් කෙනෙකු බවට සැක කරන සයීඩ් සබියුදීන් අන්සාරි (නොහොත් සයිඩ් සබියුදීන්) අත්අඩංගුවට ගන්නා ලදී. මීට අමතරව, 2011 දී, ත්‍රස්තවාදීන්ට ප්‍රහාර සැලසුම් කිරීමට උදව් කිරීම සම්බන්ධයෙන් පකිස්තාන-ඇමරිකානුවෙකු වන ඩේවිඩ් සී. හෙඩ්ලි වරද පිළිගත් අතර, 2013 ජනවාරි මාසයේදී ඔහුට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයකදී වසර 35ක සිර දඬුවමක් නියම විය.

මුම්බායි ප්‍රහාරයේ ක්ෂණික බලපෑම දෙරට අතර පවතින සාම ක්‍රියාවලියටද  දැනෙන්නට විය. ත‍්‍රස්තවාදී කොටස් සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන් අක‍්‍රියව සිටින බවට චෝදනා කරමින්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාබ් මුකර්ජි අවධාරණය කරන ලද්දේ , “ඔවුන් ක්‍රියා නොකරන්නේ නම්, එය සාමාන්‍ය තත්වයක් නොවනු ඇති” බවයි. ඉන්දියාව පසුව 2009 ජනවාරි සිට පෙබරවාරි දක්වා පැවැත්වීමට නියමිතව තිබූ තම ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අවලංගු කළේය. අනතුරුව තම දේශසීමා තුළ ත්‍රස්තවාදීන් මර්දනය කිරීම සඳහා පාකිස්තානයට බලපෑම් කිරීමට ඉන්දියාව ගත් උත්සාහයට අන්තර්ජාතික ප්‍රජාවගේ දැඩි සහයෝගය ලැබිණි. මුම්බායි හි ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් සහ බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්ද ඉන්දියාවේ සහ පාකිස්තානයේ සංචාරය කළහ. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව පකිස්තාන රජයෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කරන අයට එරෙහිව පියවර ගන්නා ලෙසයි. න්‍යෂ්ටික අවි සහිත අසල්වැසියන් දෙදෙනා අතර ආතතීන් උත්සන්න විය හැකි බවට අන්තර්ජාතික ප්‍රජාව තුල කනස්සල්ලක් විය. කෙසේ වෙතත් ඉන්දියාව ප්‍රහාරයෙන් පසුව, පාකිස්තාන දේශසීමාවේ හමුදා රැස් කිරීමෙන් වැළකී ඉවසීමෙන් කටයුතු කළේය. ඒ වෙනුවට ඉන්දියාව විවිධ රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා සහ මාධ්‍ය හරහා ත්‍රස්තවාදයට එරෙහිව අන්තර්ජාතික සහයෝගය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළේය. ජමාත්-උද්-ඩාවා සංවිධානයට එරෙහිව සම්බාධක පැනවීම සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ආයාචනා කළ අතර, එම කණ්ඩායම 2002 දී පාකිස්තානය විසින් තහනම් කරන ලද ලෂ්කාර්-ඊ-තයිබා සංවිධානයේ පෙරමුණු සංවිධානයක් බව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඉල්ලීමට අනුව ආරක්ෂක මණ්ඩලය 2008 දෙසැම්බර් 11 වන දින ජමාත්-උද්-ඩාවා වෙත සම්බාධක පැනවූ අතර, එම කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කෙසේවෙතත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වැදගත් නව ආයතන මෙන්ම නීතිමය යාන්ත්‍රණයන් හඳුන්වා දීමට මුම්බායි ප්‍රහාරය විසින් ඉන්දීය රජය පොළඹවන ලදී. 2008 දෙසැම්බර් 17 වන දින, ඉන්දියානු පාර්ලිමේන්තුව ජාතික විමර්ශන ඒජන්සිය නමින් ෆෙඩරල් ත්‍රස්ත විරෝධී ආයතනයක් නිර්මාණය කිරීමට අනුමැතිය ලබාදුන්නේය. එහි කාර්යයන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ බොහෝ කාර්යයන් හා සමානවේ. රස්තවාදය මැඩපැවැත්වීම සහ විමර්ශනය කිරීම සඳහා දැඩි යාන්ත්‍රණ ඇතුළත් නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළක්වීමේ) පනතට සංශෝධන ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මුම්බායි ප්‍රහාරය විසින්දේශීයව පමණක් නොව ගොලියවද ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඒ හා සමානව ප්‍රබල ජාතික හා අන්තර්ජාතික විරෝධයක් ඇති කළ අතර, ත්‍රස්තවාදයේ උවදුර සමඟ කටයුතු කිරීමේ උත්සාහයන් වැඩි කරන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටීමට පොළඹවනු ලැබීය.

Share69Tweet43
Previous Post

ඉන්දියාවේ තිරිඟු ගොවීන්ට වාසියි

Next Post

චාමික විසිවුනේ බුදු පහන නිසා ද?. ආගමක් නිසා කොන් වෙන්න දෙන්නෙ නෑ… තදින් ක්‍රියාකරන බව ඇමති කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.