-
දෛනික රාජකාරි නිම කර කුඩුකාරයින් සමග හොරකමේ යන බොරැල්ල පොලිසියේ කුඩුකාර කොස්තාපල්වරයෙක් ඊයේ හසුවෙයි… එවැනි නිලධාරීන් 15ක් පහුගිය මාස කීපය තුළ අයිස් එක්ක හසුවෙලා…
-
ආධුනික නිලධාරීන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ලඟ තබා ගැනිම සම්බන්ධව වාර්තාවීම් වැඩිවෙලා…
-
මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන පරීක්ෂා කරන අහඹු පරීක්ෂණ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුමක්…
පොලිස් දෙපාර්තමේන්තුව තුළ අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ නිලධාරීන් 500කට වඩා වැඩි පිරිසක් රාජකාරි කරමින් සිටින බවට ඇස්තමේන්තු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ දත්ත පිළිබඳ යළි සංවාදයක් ඇති වන්නේ දෛනික රාජකාරිය නිමා වී පැමිණ කුඩුකාරයින් කණ්ඩායමක් හා එක්ව කොල්ලකෑම් සහ හොරකම් කිරීම්වල නිරත වෙමින් සිටි බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරයෙක් එම අපරාධකරුවන් සමගම බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගැනීමත් සමගය.
මෙම පොලිස් කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් පසුගිය මාස කීපය තුළ අයිස් මත්ද්‍රව්‍යයට හුරු වූ පොලිස් නිලධාරීන් 15ක් අත්අඩංගුවට පත් වූ බව අභ්‍යන්තර තොරතුරු හෙළි කරයි.
බොරැල්ලේ කුඩුකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිද්ධිය වාර්තා වන්නේ මසේය.
රුපියල් හය ලක්ෂ දහ අට දහසක වත්කම් කොල්ල කෑමක් සම්බන්ධව වැලිකඩ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් අනුව බස්නාහිර දිසා අපරාධ කොට්ඨාසය විසින් රාජගිරිය බණ්ඩාරනායක පුර පදිංචි මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ නිවසක් ඊයේ (25) පරීක්ෂාවට ලක් කර තිබේ.
ඒ අවස්ථාවේ දී තවත් පුද්ගලයෙක් එම නිවසේ සිට ඇති අතර ඔවුන් ලඟ අනන්‍යතාවය තහවුරු කළ නොහැකි දුරකථනයක් සහ කොට්ටාව උකස් මධ්‍යස්ථානයකට රන් භාණ්ඩයක් උකස් කරන ලද රිසිට් පතක් හමුවී තිබිණි.
ඔවුන් අත්අඩංගුවට ගෙන පරික්ෂණ කරද්දි ඉන් එක් අයෙක් බොරැල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් බවත් ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් බවත් හෙළි වී තිබේ.
පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කරන අතරම කුඩු කාරයින් සමග හොරකමේ යන පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධ වැඩි දුර විමර්ශන ආරම්භ වී තිබේ.
පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පන්සීයකට වැඩි පරිසක් රාජකාරි කරමින් සිටින බවත්, පහුගිය මාස කීපය තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් පහලොවකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
මත්ද්‍රව්‍ය වෙත දැඩි ලෙස ආශක්ත වූ ආධුනික පොලිස් නිලධාරින් සම්බන්ධව තොරතුරු ඉහළ යමින් ඇති බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා පිරිස්වල වාර්තාවීම් ද වැඩි බව එම ආරංචි මාර්ග හෙළි කරයි.
මේ තත්ත්වය තුළ ඉදිරියේ දී අහඹු මත්ද්‍රව්‍ය ඇබ්බැහිය විමර්ශනය කරන ඛේට පරීක්ෂවලට ඛේට පරීක්ෂාව සහ රුධිර පරීක්ෂාව පොලිසියට හඳුන්වා දීමට සූදානම් බව වාර්තා වේ.







