බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්ද්‍රසිරි කටුදෙණිය… ඔහු යන්නට ගිහින්!

by editor
ජනවාරි 29, 2025
in පුවත්
කටුදෙණිය
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

කටුදෙණිය අයියා යන්නට ගොස්ය. ලෝකය ලස්සන කරන ලස්සන මිනිස්සු ලෝකයෙන් යන්නට යනවිට එය මහා වේදනාවකි. චන්ද්‍රසිරි කටුදෙණිය ගැන මේ සටහන තබන්නේ ඒ කම්පනයෙනි.

පුවත්පත්වල   විශේෂාංග ලේඛනයෙහි  අමුතුම වර්ණයක් ඇති කළ අතීත පරම්පරාවක් විය. ඒ මිනිස්සු පුවත්පත් තුළ කලාවක් බිහි කළහ. අපව පුවත්පත්හි නිර්මාණය වුන  කලාවට ඇබ්බැහි කළේ ඒ ආදරණීය මිනිස්සුය. 80 -90 දශකවල දිවයින පුවත්පත යනු කලා කෘතියකි. විශේෂයෙන්ම ඉරිදා දිවයින සංග්‍රහය ඒ කලාව ප්‍රායෝගික අභ්‍යාස කළ තැනය.

ඒ උසස් ප්‍රමිතිගත පත්තරය නිර්මාණය වූයේ හෘද සංවේදී මානුෂික ඉසව් ගැඹුරු ලෙස ස්ඵර්ෂ කරමින් ජීවිත ගවේෂණයක යෙදුන සොඳුරු මනුෂ්‍යයන් පිරිසක් මනුෂ්‍යත්වය පිළිබඳ කළ දෘෂ්ටිමය අභ්‍යාසයක ප්‍රතිඵලයක් ලෙසය. චන්ද්‍රසිරි දොඩංගොඩ, කරුණාදාස සූරියආරච්චි, කිත්සිරි නිමල් ශාන්ත චන්ද්‍රසිරි කටුදෙණිය මේ වික්‍රමයේ ප්‍රමුඛයෝ වූහ. අද මේ ප්‍රභූ මනුෂ්‍යයින් සිවු දෙනාම අද අප අතර නැත. කටුදෙණිය අයියා නික්ම යන්නේ යළි කිසිදාක නොඑන ඒ පුවත්පත් කලාවේ අතීත මහෝඝය පිළිබඳ තියුණුම මතක සටහන තබමින් බව විශ්වාස කරමි.

පත්තර ලෝකයේ මහා නමක් සහිතව සිටි චන්ද්‍රසිරි කටුදෙණිය තරම් සුහද, ඔහු තරම් නිහතමානී මිනිසෙක් පිළිබඳ මට මතකයක් නැත. ඔවුන් ඇසුරෙහි ආධුනිකයෙක්  ලෙස දිවයින පුවත්පතේ කර්තෘමණ්ඩලය තුළ ලැබු අත්දැකීම සරසවි ගණනකින් ලැබිය නොහැකි එකක් විය. ජංගම දුරකථන නැති, පරිගණක නැති පත්තර පිටු “පේස්ට් අප්” කර නිර්මාණය කරන යුගයක රට පුරා විසිරුණ මිනිස් ජීවිතවල අඳුරු ඉසවු ගවේෂණය කරමින් කටුදෙණිය අයියා කළ පෙළහර අපි මවිත වී බලා සිටියෙමු. ඔහු දින ගණන් පා ගමනින් ඇවිද මිනිස් ජීවිතවල සුවඳ සොයා ගිය මිනිසෙකි. වැඩක් දැනුන විට කෑමක් බීමක් හෝ පිළිබඳ නිනව්වක් ඔහුට නොවීය. ඒ කැපවීම ඒ වෙහෙස වින්දනය කරමින් කරන විශේෂාංගයක යටිපෙළ තුළ අපූරු විචිත්‍රත්වයක් දනවන පෙළහරක් විය. ඒ මිනිස්සු තම භාවමය අභ්‍යාසය වෙනුවෙන් දියවුනහ. ඉන් පන්නරයක් මෙන්ම වින්දනයක් ලැබූහ. එවැනි දෘෂ්ටිමය ගැඹුක් සහ ජීවිත ආකල්පයක් සහිත උන් අද නම් පුවත්පතක කර්තෘමණ්ඩලයක් තුළ සොයාගත නොහැකිය. පත්තරවලට පමණක් නොව ඒ කර්මාන්තයට ද කෙළවී ඇත්තේ ඒ නිසා බව විශ්වාස කරමි.

චන්ද්‍රසිරි කටුදෙණිය අවසානයේ දී පත්තර අත් හැරියේය. පසුව ඇමරිකාවට සංක්‍රමණය වූයේය. දැවැන්ත දුක් වේදනා ප්‍රමාණයක් විඳගනිමින් අවසානයේ දී ඔහු ඇමරිකාවේ සාර්ථක ව්‍යාපාරයක් දියුණු කරගත්තේය. දරු දෙදෙනා ලෝකයේ ඉහළම තැන්වලින් ඔසවා තැබුවේය. පුතා විද්වත් වෘත්තිකයෙකි. දියණිය වෛද්‍යවරියකි. ආදර්ශමත් පවුල් ජීවිතයක් ගතකළ මේ දිරිමත් මනුෂ්‍යයා පත්තර අත්හැරියත් ගත් කතුවරයෙක් ලෙස ස්වකීය භූමිකාව අත් හැරියේ නැත. දැන් ඒ සියලුම පරිච්ඡේද අවසන්ය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එක්වර ගසක් මුලින් ඉදිරී ඇදවැටුණ සේය. ඊයේ රාත්‍රියේ ඇමරිකාවේ සිය නිවසේ දී නිදි යහනේදීම ඔහු මිය ගොස්ය. ඒ මරණයත් ඔහුගේ ජීවිතය සේම ඔහුට සැහැල්ලු වූ බව සිතේ. එහෙත් ඔහු අපව කම්පනය කරමින් තවත් ජීවිත ධර්මතාවයක් බරපතල ලෙස සන් කර ඇත.

“උඹලා එල්ලිලා ඉන්නේ නිදාගත්තට පස්සේ හෙට උදේ නැගිටියිද කියලා ෂවුර් නැති ජීවිතයක…” කටුදෙණිය අයියාය කියා ගොස් ඇත. මේ නහුතයක් ගේම් ගහන්නේ ඒ ටිකට නම් එවැනි පැවැත්මක් වෙනුවෙන් ගත කරන හැම තත්ත්පරයක්ම අපරාදේය. කටුදෙණිය අයියා යන්නට යන්නේ ඒ කතාව අපි හැමෝටම කියමිනි.

අපි එනකම් ඉන්න තැනක පරිස්සමින් ඉඳපන් අයියේ. උඹට සුබ ගමන්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල ඉදිරි අයවැයෙන් වෙන් කරනවා! ජනපතිගෙන් සහතිකයක්!

Next Post

නිලධාරීන්ට ඇඳගෙන සෞඛ්‍ය ඇමති ඇනගන්න හදන හැටි GMOA කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.