ගෝලීය සැපයුම් දාමය චීනයෙන් යැපීමෙන් ඉවත්ව යෑමත් සමඟ නිර්මාණය වන හිඩැස පිරවීමට ඉන්දියාව හැකියාව පවතින බව ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂක ශිෂීර් ප්‍රියදර්ශී පවසයි.
පවතින ගෝලීය සැපයුම් දාමය සහ නව ප්‍රවනතා සම්බන්ධයෙන් අදහසක් දක්වමින් ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා මේබව පෙන්වාදී ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මේනව විට රටවල් රැසක් සිය සැපයුම් දාමය චීනයෙන් යෑපීම වෙනුවෙන් වෙනත් ආර්ථික වෙත යොමුවීමට පෙළෙඹ ඇති බවයි.
ඒ අනුව එම අවස්ථාවෙන් ඉන්දියාවට උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව පවතින බවද ඒ සදහා අවශ්‍ය සියලුම හැකියාවන් ඉන්දියාව සතු බවද හෙතෙම පවසා ඇත.
ඉන්දීය ඒ එන් අයි පුවත් සේවය විශේෂ ප්‍රකාශයක් දෙමින් අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ, ‟අද වෙනෙකොට බොහොමයක් රටවල් ගෝලීය වශයෙන් සිය නිෂ්පාදන වල මූලික යෙදවුම් සදහා හුදෙක් එක් රටක් මත පමණක් යැපෙන්නේ නැහැ. ඒ අනුව මේවන විට ගෝලීය සැපයුම් දාමයේ ප්‍රබලයකු වන චීනයෙන් ඉවතට යමින් සිය සැපයුම්දාමය විවිධංගීකරණය කිරීමට පෙළෙඹ තිබෙනවා.” යනුවෙනි.
කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ චීනය දැඩි සංචරන සීමා පැනවීමත් සමඟම ලොව ප්‍රබල සමාගම් රැසක්ම දැඩි පාඩු ලබන තත්ත්වයකට පත්විය. එහිදී ඇපල් සමාගම ඇතුළු තාක්ෂණ සමාගම්ද සිය නිෂ්පාදන නිසි කාලයේදී වෙළෙඳපොලට සැපයීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අභියෝගයට මුහුණ දීමට සිදුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් සමාගම සිය නවතම අයි ෆොන් මාදිලිය ඉන්දියාවේ නිපදවීමටද තීරණය කර තිබිණි. මීට අමතරව තවත් සමාගම් රැසක්ම සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුල සිදුකිරීමට පියවරගෙන ඇත.







