ඔක්තෝම්බර් 31 වන විට කල් ඉකුත්වන ෆයිසර් කොවිඩ් එන්නත් ලක්ෂ 75ක තොගයක් වසංගත රෝග විද්‍යා අංශය සතුව පවතින බව වාර්තා වේ.
මේ තත්ත්වය තුළ කොවිඩ් වර්ධක මාත්‍රාව ලබා නොගත් වයස් අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් වහා අදාල එන්නත් මධ්‍යස්ථානයන් වෙත ගොස් එන්නත ලබා ගන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
අවුරුදු 20ට වැඩි ජනගහණය මිලියන 14.2ක් සිටින නමුත් මින් කොවිඩ් පලමු වර්ධක මාත්‍රාව මිලියන 8. 17 පිරිසක් ලබා ගෙන නොමැති බවත් මේ අතර වයස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝග වලින් පෙලෙන අය අනිවාර්යයෙන්ම වර්ධක මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය සමිත ගිනිගේ ඉල්ලා සිටියි.
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ එන්තත් මධ්‍යස්ථානය 3 බැගින් ලබන සැප්තැම්බර් 17, 24 සහ ඔක්තෝම්බර් 1 සහ 8 ය දිනයන් හි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද පැවසේ.







