බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ලුරේ ගේ අවිනීත කතාව හෙට පාසල් එන්න හිටි වයඹ ගුරු විදුහල්පතිවරුත් ගෙදර නවත්වයි !

කොල්ලුරේ සභාපතිත්වය දරන කොමියුනිස්ට් පක්ෂයත් ඔහුගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකී!

by editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්
raja-kollure
Share on FacebookShare on Twitter

කලාප අධ්‍යක්ෂවරු මාර්ගයෙන් හෙට (21) පාසල්  නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ගේ    නොවැම්බර් මස වැටුප  කපා හරින බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශයත් සමග හෙට පාසල් පැමිණීමට සූදානමින් සිටි අති බහුතරයක් වයඹ ගුරුවරු ද පාසල් නොපැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මාධ්‍ය හමුවක් කැඳවමින් වයඹ ආණ්ඩුකාරවරයා කීවේ වෘත්තීය  සමිතිවලට රාජ්‍ය ආයතන විවෘත කෙරෙන දින තීරණය කල නොහැකි බවත්,  21 හා 22, පාසලට නොපැමිණෙන ගුරු විදුහල්පති වරුන්ට 25, දින පාසලට ඇතුළු වීමට තමා ඉඩ නොදෙන බවත් ඔහු කීවේය.

ලංකා ගුරු සේවා සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් එම්. ඒ. විමලසිරි අද මාධ්‍ය අමතා පැවසුවේ මෙවැන්නකි.

”පුළුවන්නම් මේ මාසයේ වැටුප නවත්තන්න අපි ඒවාට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපි ලෑස්තියි.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ලංකා ගුරු සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති සරත් ප්‍රේමසිරි  ආණ්ඩුකාරවරයාට අභියෝග කර කියා සිටියේ,  ”කවුරු මොනවා කිව්වත් අපි 21 වර්ජනය නිරත වෙනවා. 22 අපි ඉස්කෝලේ යන්නේ නැහැ. අපි 25 ඉස්කෝලේ යනවා. පුළුවන්නම් ගුරුවරු නවත්තන්න” කියාය.

වෘත්තීය අරගලය පැත්තක තබා හෙට පාසල් විවෘත කිරීමට සූදානම් වූ  විදුහල්පතිවරයෙක් ලංකසර ඇමතුවේය. ඔහු කීවේ මේ අශිෂ්ඨ ප්‍රකාශ   තමන් ඇතුලු විදුහල්පතිවරුන් ගණනාවකගේ හෙට පාසල් ගමන වැළැක්වූ බවය.

“ මේ කතාව නිසා මා දන්නා තරමින් විදුහල්පතිවරු විතරක් නෙමෙයි වයඹ පළාතෙ ගුරුවරුන් ගණනාවක් හෙට පාසලට එන එක නැවැත්තුවා. ආත්ම ගෞරවයක් ඇතිව කොහොම ද අපි වැඩ කරන්න යන්නේ මේ වගේ හැසිරෙන දේශපාලකයො එක්ක. ගුරු සටන වෙනුවෙන් නෙමෙයි, ආත්ම ගෞරවය වෙනුවෙන් අපි අපේ නොවැම්බර් වැටුප දෙන්න ලෑස්තියි.“

ඔහු කීවේය.

මේ අතර වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ   සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයම ඔහුගේ ප්‍රකාශය හෙළා දුටුවේය.

එම පක්ෂය අද නිවේනදය කළේ, නැවත පාසල් අධ්‍යාපනය ආරම්භ කළ හැකි ආකාරයේ එකඟතාවක් ඇතැයි පෙනී යන අතර ඇතැම් පාර්ශ්ව ප්‍රකෝපකාරී ප්‍රකාශ කරමින් ගොඩනැගෙමින් ඇති යහපත් හා සුබවාදී පසුබිම විනාශ කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනී යන බවය.

ගුරු විදුහල්පති වෘත්තිකයින් ඉලක්ක කර නැගෙන සියලු ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. විරසිංහ මහතාගේ අත්සනින් නිකුත්කළ නිවේදනයේ සඳහන් ය.

වැටුප් අත්හිටුවීම් හෝ විනය ක්‍රියාමාර්ග පිළිබඳ තර්ජනවලට වඩා අවශ්‍යව ඇත්තේ රජය සහ ගුරු විදුහල්පති ප්‍රජාව එක්ව ක්‍රියාකොට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නැවත පණගැන්වීම බව ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කර තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙලිය – ජයසුමන ගැටුම උග්‍රයි… ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ…

Next Post

අයර්ලන්තය පරදී… ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.