සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයර්ලන්තය පරදී… ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක්!

by editor
ඔක්තෝබර් 20, 2021
in ක්‍රීඩා
mahesh-theekshana
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක විශිෂ්ට ජයක් හිමි විය.

මෙම තරගය පැවැත්වුනේ සුපර්ලීග් වටය සඳහා සුදුසුකම් ලැබීමට පැවැත්වෙන තරග වටයේ 4වන තරගය ලෙසය.    තරගය අබුඩාබිහි ශෙයික් සයිඩ් අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ අයර්ලන්ත කණ්ඩායම විසිනි. ඔවුහු මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්හ.

ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියේ පැතුම් නිශ්ශංක සහ ප්‍රවීණ කුසල් ජනිත් පෙරේරා ය. අයර්ලන්තය කාසියේ වාසියෙන් ගත් තීන්දුව නිවැරදි යැයි මුල් ඕවර කීපයේ දී තරගය නැරඹූ අපට සිතිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ සුනු විසුණු කරනු බලා සිටියෙමු.   කී කුසල් ජනිත් පෙරෙරා යළිත් මුලුමනින්ම අසාර්ථක විය. කුසල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.  ආරම්භක පන්දු යවන්නා වූ පොල් ස්ට්‍රීං කුසල් ජනිත්ට එවූ මුල්ම පන්දුවෙන්ම ඔහුව ගොදුරු කරගත්තේය. ලකුණු 1ට කඩුලු 1 බව ලකුණු පුවරුව පෙන්නුවේය.

අනතුරුව පිටියට පැමිණි   චන්දිමාල් පන්දු හයකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු හයක් ලබා ගත්තේය. ඔහු වේග පන්දු යවන ජොෂ් ලිට්ල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය. දැන් ලකුණු පුවරුව ලකුණු 8ට කඩුලු 2කි.

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඉනි ගලවා ගත්තේය. ජොෂ් ලිට්ල් මනරම් පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු ත්‍රිත්වය අභිසයට පැමිණියේ එක ලඟ පන්දු දෙකක දී කඩුලු දෙකක් ලබා ගැනීමෙනි. ලකුණු 8ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ වැටිනි.

 pethum-wanidu
පැතුම් සහ වනිඳු බිඳවැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව ගොඩ ගත්හ….

එක් අන්තයක සිටි පැතුම් නිශ්ශංකට වනිඳු හසරංග එක් වූයේ මේ අසීරු අවස්ථාවේ දීය. වනිඳු සහ පැතුම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කුඩු කර දැමූ ශ්‍රී ලංකා ඉනිම යළි අසීරුවෙන් ගොඩ නැගූහ. වනිඳු  විචිත්‍ර ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබා ගත්තේය. හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් එම විශිෂ්ට ඉනිමට එක් විය.

මාර්ක් ඇඩයර්ගේ පන්දුවකට වනිඳු දැවී යනවිට පැතුම් සහ වනිඳු එක්ව ලකුණු 126ක අනගි සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි. වනිඳු දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 134ක් ලෙස සටහන් වෙද්දීය.

අනතුරුව භානුක රාජපක්ෂ එක් ලකුණකට ජොෂ් ලිට්ල්ට ගොදුරු විය. ඔහු මුහුණ දුන්නේ පන්දු 03කට පමණි. පන්දු 47ක දී මනරම් ලකුණු 61 ලබා ගත් පැතුම් නිශ්ශංකත් දවා ගැනීමට ලිට්ල් සමත් විය. පැතුම් ලකුණු 61ට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් එල්ල කර තිබිණි.

අවසන් පන්දු කීපයේ දී  ගිනි පිටවන ප්‍රහාරයක් දියත් කළ දසුන් ශානක පන්දු 11 ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට  අනතුරක් කළ පන්දු යවන්නා ජොෂ් ලිට්ල්ය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 23කට කඩුලු 04ක් දවා ගත්තේය. මාර්ක් මාර්ක් ඇඩයර් පන්දු ඕවර 04 දී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගත්තේය.

අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි විය.

එහෙත් අයර්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මුලුමනින්ම අසාර්ථක වනු පෙනුනි. අයර්ලන්තය වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ නායක ඇන්ඩ් බැල්බින් පමණි. ඔහු පන්දු 39ක දී ලකුණු 41ක් ලබා ගත්තේය.   හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් එම ඉනිමට ඇතුළත් විය.

මහේෂ් තීක්ෂණ  අලංකාර පන්දු යැවීමක් කළේය. ඔහු සිය පන්දු වාර හතර අවසානයේ ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තේය.

ලහිරු කුමාර පන්දු ඕවර 4 තුළ ලකුණු 22ක් ලබා දී කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වූයේය.

චාමික කරුණාරත්න ලකුණු 27කට  කඩුලු දෙකක් ලබා ගත්තේය. දුෂ්මන්ත චමීර ලකුණු 16කට කඩුල්ලක් බිඳ දැම්මේය.

වනිඳු හසරංග සිය මුල්ම පන්දු ඕවරයේ දී කඩුල්ලක් ලබාගෙන අනතුරු පන්දු ඕවර තුළ ලකුණු ලබා නොදී තරගය පාලනය කළේය.  පන්දු ඕවර  හතරට ඔහු ලබා දුන්නේ ලකුණු 12ක් පමණි. මේ පීඩනය අයර්ලන්ත කණ්ඩායමට මානසිකව බිඳ දැමීමට ප්‍රබල හේතුවක් විය.

අයර්ලන්ත ක්‍රීඩකයෝ සියලු දෙනාම පන්දු ඕවර 18.3 ක දී ලකුණු 101කට දැවී ගියහ.

පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබාගෙන බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබා පන්දු ඕවර 4 තුළ ලකුණු 12කට කඩුල්ලක් ලබා ගත් වනිඳු හසරංග තරගයේ වීරයා විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොල්ලුරේ ගේ අවිනීත කතාව හෙට පාසල් එන්න හිටි වයඹ ගුරු විදුහල්පතිවරුත් ගෙදර නවත්වයි !

Next Post

විසි තුන් කෝටියක රටට වැඩක් නැති පරීක්ෂණ ගැන විගණනය රුහුණු සරසවියෙන් විමසයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.