දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.
මේ අශිෂ්ඨ රියදුරා දුම්රිය මාර්ගයට බස් රථය දමාගෙන දුම්රිය මාර්ගය දිගේ බස් රථය ධාවනය කරන ආකරය පිළිබඳ වීඩියෝව අද දින සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධාරණයකින් යුතුව හුවමාරු විය.
එම දර්ශනයේ දැක්වී තිබුනේ අදාල රියදුරු සිය බස් රථය අද පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු අයුරුය.
සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.