සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය 15 තෙක් රිමාන්ඩ්!

by editor
පෙබරවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන අද අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 තෙක් රක්ෂිත   බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද (03) නියෝග කළාය.

දැනට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ  රඹුක්වැල්ල  මෙම එන්නත් අපරාධය සම්බන්ධ කෙරෙන පුළුල් විමර්ශනවලදී මෙතෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ ඉහළම නිලධාරියා කෙහෙලිය රඹුක්වැල්ලය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව රඹුක්වැල්ල ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  පැමිණි පසු පැය 10ක් පුරා දීර්ඝ කටඋත්තරයක් ගැනීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන අද මෙසේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඔහුට ගුවන් ගමන් තහනමක් නිකුත් කර ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මාලිගාකන්ද අධිකරණය විසින් නියෝග කළේ  ඇමතිවරයා හිතා මතාම බොරු කියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තව ඉදිරියේ පෙනී සිටීම මගහැරිය පසුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා නොකිරීම හේතුවෙන් රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක්ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් බ්‍රහස්පතින්දා පනවනු ලැබුවාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රශ්නගත එන්නත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනවාරි 30 වැනිදා රඹුක්වැල්ල රහස් පොලිසියට කැඳවා තිබූ නමුත් කොළඹ මහාධිකරණයේ නඩුවක් පවතින බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් තිබෙන බවත් පවසමින් ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා සාක්ෂි ලබාදුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ රැස්වීමට ඔහු සහභාගී වී නොමැති බවට විමර්ශනවලින් හෙළි වූ බවයි.

මේ වන විටත් එම අපරාධය සම්බන්ධයෙන්   සෞඛ්‍ය අමාත්‍යාශංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත,  එන්නත් තොගය සැපයූ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය, වෛද්‍ය සැපයුම් අංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂ එච්.බී හේරත්  බන්ධනාගාරගතව ඇත. ඔවුන් එළඹෙන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට අධිකරණය නියොග කළේය.

එමෙන්ම  මෙම අපරාධ චෝදනා මත   බන්ධනාගාරගතකර සිටි සැකකරුවෙකු වූ   නඩුවේ  5 වන සැකකරු වන    වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර  ලක්ෂ 10ක ශරීර ඇප   දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම ඖෂධ අපරාධය සම්බන්ධව ඉහළම නිලධාරීන්ගේ විභව මැදිහත්වීම් නොසලකා හරිමින් සිටින බවට මහජන පීඩනය සහ උත්සුකයන්  වැඩිවෙමින් පැවතිද්දි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අත් අඩංගුවට ගැනුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 සරත් ෆොන්සේකා මා සම්බන්ධව මතු කරන විරෝධය සජිත් බලා ගනීවි… දයා රත්නායක කියයි!

Next Post

මං මළේ නෑ … ගැබ්ගෙළ පිළිකා ගැන ලෝක අවධානය යොමු කළා… මළා කී පූනම් පාණ්ඩේ කතා කර කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.