ඉන්දියාවේ කුප්‍රකට අපරාධකරුවෙක් වූ සුකේෂ් චන්ද්‍රශේඛර්, ජැකලින් ෆර්නැන්ඩස් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිවසක් මිල දී ගෙන ඇති බව ඉන්දීය විමර්ශන අංශ විසින් ගොනුකළ චෝදනා පත්‍රයේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇය වෙනුවෙන් මුම්බායි හි ඉහළ වටිනාකමක් සහිත ජුහු ප්‍රදේශයේ බංගලාවක් සඳහා අත්තිකාරම් මුදලක් ලබා දී ඇතිවා පමණක් සුකේශ් ඒ වන විටත් බහරේනයේ වෙසෙන ජැකොලයින්ගේ දෙමාපියන්ට නිවසක් තෑගි කර ඇති බව ද හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍යය කියයි.
සුකේෂ් ඇත්ත වශයෙන්ම මෙම දේපල කිසිවක් මිලදී ගත්තේද යන්න විිමර්ශනය මෙහෙයවන බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යයනය කරමින් ඇත.
ඒ සම්බන්ධව අදාල නිලධාරීන් ජැකලින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය ප්‍රකාශ කර තිබුණේ සුකේෂ් ඇය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයෙන් දේපළක් මිලදී ගෙන ඇතැයි පැවසූ නමුත් ඇය කිසි දිනෙක එම දේපළට නොපැමිණි බවය.
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන වැලිගම වෙරළ තීරය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයකි. මෙම දේපල ඇත්ත වශයෙන්ම සුකේෂ් විසින් මිලදී ගත්තාද නැතහොත් ඔහු ඇයට බොරු කීවාද යන්න මූල්‍ය විමර්ශන ඒජන්සිය තවමත් තහවුරු කර නොමැත.
ඇයට හා ඇයගේ ඥාතීන්ට තවත් දේපල කිහිපයක් මිලදී ගැනීමට සුකේෂ්ගේ සැලසුම් ගැනද ජැකලින් සඳහන් කර ඇත. සුකේෂ් සිය අපරාධකාරී ජීවිතයෙන් උපයාගත් මුදල් ජැකලින් ෆර්නැන්ඩස් හෝ ඇයගේ ඥාතීන්ට වෙනුවෙන් යොදවා තිබේද යන්න තවම තහවුරු වී නැති බව ඉන්දීය මාධ්‍ය කියයි.







