කෑගල්ල, කළුගල්ල මාවතේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඇතුළත තිබී වෙඩි වැදී මිය ගිය කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
මළ සිරුර ආසන්නයේ තිබී මිලි මීටර 38 වර්ගයේ පිස්තෝලයක් හමු වී ඇත. මිය ගිය කාන්තාව සකුන්තලා වීරසිංහ නැමති 38 හැවිරිදි අයෙකි. මූලික විමර්ශනයට අනුව පෙනී ගොස් ඇත්තේ ඇයගෙ පපුව ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවය.
ඇය එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි තැනැත්තියකි. මෙම කාන්තාව සියදිවි හානි කරගත්තා ද නැතහොත් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් ඇත







