තුෂාරී කළුබෝවිල
අධික වර්ෂාව සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බර ව පවතින බැවින් මේ දිනවල සූර්යයාගේ මුදුන්වීම ශ්‍රී ලංකාවාසීන්ට නොදැනෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී
ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුව ම ඉහළින් පවතී.
අද දින (01) දින දහවල් 12:10 ට කල්පිටිය, දුනුලපාතගම (අනුරාධපුර දිසත්රික්කය), උට්ටිමඩුව, නිකවැව (පොළොන්නරුව දිස්ත්‍රික්කය), වෙල්ලායි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) සහ වෙරුගල් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන් ව පවතී.
වර්ෂාව නොමැති වූයේ නම් අද දහවල අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්ක සහ ඊට ආසන්න ප්‍රදේශවලට දැඩි සූර්ය රෂ්මියක් පතිත වන්නට ඉඩ තිබුණු නමුත් වැසිබර කාලගුණික තත්ත්වය මගින් එම දැඩි සූර්ය රෂ්මිය පාලනය වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින නමුත් අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුරය, ගාල්ල, මාතර
දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට
මි.මී. 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඔවුහූ පවසති.
ඌව, සහ නැගෙනහිර පළාත්තවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්
සහිත වැසි ඇති වේ.
මේ අතර, කලු ගඟ, කැලණි ගඟ, ගිං ගඟ, මහවැලි ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්රිත ජලාශවලට අයත් පහත් බිම් රැසක් මේ වනවිටත් ජලයෙන් යට වී පවතී.
බොහෝ පිරිසක් විපතට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.