සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ණය ගැන චීනය කළ “කන් මන්ත්‍රණ“  මැද අපේ හෙට දවස

by Lanka Sara Editor
අගෝස්තු 31, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

 

ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවක දැඩි පීඩනයක සිටින ශ්‍රි ලංකාවේ ජනතාව මේ වන තෙක් දල්වා ගෙන සිටින එකම බලාපොරොත්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදලයි. මේ වනවිටත් මේ සම්බන්ධයෙන් විශාල කණ්ඩායමක් කාර්යාල කාමරවල සිට අහස පොළොව ගැටලමින් විස්තීර්ණ මූල්‍ය පහසුකම නමින් හැඳින්වෙන මේ ණය මුදල බලාපොරොත්තුවෙන් සිටිනුයේ රටේ ජනතාව උග්‍ර උද්ධමනයෙන් සහ ඉන්ධන හිගයෙන් දැඩි ලෙස පීඩා විඳිද්දීය. එ අතරේ පළාගිය ජනාධිපති සිය පෞද්ගලික අරමුදල් සම්පාදනයෙන් පෞද්ගලික ජෙට් යානාවල නැගී රටින් රට ආරක්ෂාවක් ඉල්ලා යන පසුබිමක් තුළය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන නියෝජිත කණ්ඩායම මේ වනවිට ශ්‍රි ලංකා පැමිණ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටී. ඔවුන් මෙන්ම ශ්‍රි ලංකාව රජයද බලපොරොත්තු වන්නේ ඔවුන් ගේ මෙවර සංචාරය තුළදී මෙම ණය පහසුකම ලබා ගැනීම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට අවශ්‍ය පිරිවිතර පිළිබඳව කතාවක සිටී. බොහෝ විට ඊට අදාල මූලික ගිවිසුම්ගත වීම් සඳහා මේ වනවිට අවසන් එකඟතාවකට පැමිණ ඇති බව අනාවරණය වෙයි.

මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීට කලින් පැමිණි කණ්ඩායම සිය කාර්යය නිමා කොට යන දිනයේ තැබූ සටහනයි. එහිදී ඔවුන් විශේෂයෙන් ඉස්මතු කළ කරුණක් වූයේ  කාර්ය මණ්ඩල ගිවිසුමකට යාමට නම් ශ්‍රි ලංකාව ආපසු ගෙවීමට පවතින ණය හිමියන් එනම් ණය දුන් රටවල් සහ ණය ලබා දුන් ආයතන එම ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය  මත කල් දැමීම හෝ ප්‍රතිව්‍යූහගත කිරීමක් සඳහා  මූලික අභිලාශයක් පැවතිය යුතු වීමය. මේ කටයුතු සඳහා මේ වනවිටත් ශ්‍රි ලංකා රජය මුදල් ගෙවා සේවය ලබා ගන්නා ජාත්‍යන්තර ආයතන දෙකක කණ්ඩායම් දෙකක් ඊට අදාළ කටයුතුවල නියැලි සිටිති. මේ අතරේ එක් ඇමෙරිකානු මූල්‍ය ආයතනයක් ශ්‍රි ලංකාවට ලබා දුන් ණය ආසු ඉල්ලා අධිකරණයෙන් නඩුවක් ගොනු කර ඇත.එම ආයතනය ශ්‍රි ලංකාවට ඇති ණය ඩෙලර් මිලියන 250කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් ශ්‍රි ලංකාවට දැනට වැඩිම ණය ලබා දී ඇති සාමාජිකයා වන චීනය තවමත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රතිචාරයක් දක්වා නැත.

චීනය ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන ආකාරය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගමන් පථයේ සහ කාල වකවානුවේ තීරණාත්මක නිර්ණායකයකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දීමට මත්තෙන් බලාපොරොත්තු වන  ණය තිරසාරභාවය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා දැඩි බලපෑමක් කරවයි.

ණය සහන සඳහා චීනයේ ප්‍රවේශය, ණය උවදුරුවලට මුහුණ දෙන අනෙකුත් රටවල ප්‍රතිව්‍යුහගත කිරීම අනෙකුත් ණය දෙන්නන්ගේ ප්‍රවේශයට වඩා  වෙනස් ය. එයින් අදහස් කරන්නේ ඔවුන් ණය ප්‍රතිව්‍යූහගතකරණයකට අකැමැති බව නොවේ.  ඒ සඳහා ඔවුන් සෙසු රටවලට වඩා වෙනස් ආකාරයේ සැලකීමක් වරණයක් බලාපොරොත්තු වෙයි.

ඔවුන් ලෝකය පුරා ර රටවල ණය  පහසුකම් ලබා දී  ඇත. එය හුදෙක් හිතවක්කමට දෙන ණය නොව  සිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ව්‍යාප්ත  කිරීමේ ක්‍රමෝපායයික වැඩ සටහනකි. කෙසේ වුවද  ලබා දුන් ණය සම්බන්ධයෙන් යම් පොදු ප්‍රතිපත්තියක චීනය කටයතු නොකළහොත් එය චීනයට අවාසිදායක විය හැකිය. කෙසේ වුවද චීනය ආර්බුද ඇති කරටවල ණය ප්‍රතිව්‍යූහගතකරණයටද යම් යම සුබවාදී ප්‍රතිචාර දක්වා ඇත. නදසුනක් ලෙස මේ වනවිටත් චීනය සැබම්බියාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කරමින් ඊට අදාළ ප්‍රතිව්‍යූහගත කිරීම් සිදුකිරීමට එකඟතාවකට පැමිණ ඇත.  මේ පිළිබඳව සාකච්චා කෙරෙන පැරිස් සමාජ  සාකච්ඡාවල සම සභාපතිත්වයටද පැමිණ ඇත. එය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්ද සුබ පෙරනිමිත්තක් විය හැකි බව ප්‍රකට ආර්ථික විශ්ලේශකයකු වන අනුෂ් විජේසිංහ ද ඩිප්ලොමැට් වෙබ අඩවියට ලිපියක් ලියමින් සඳහන් කර තිබුණි.

එහෙත් චීනය සහ ශ්‍රි ලංකාව සම්බන්ධ මෑත කාලීන ක්‍රියාකාරකම් පිළිබඳව සැලකීමේදී අප වඩාත අවධානයට ලක් කළ යුතු කරුණු කිහියක් පසුගිය සතිය තුළදීද දැකිය හැකි විය. මෙහිදී පළමු ප්‍රවේශය ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු ජපාන ආර්ථික වෙබ් අඩවියක් වන නිකෙයි ඒෂියා වෙත සඳහන් කළේ ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ පියවර සහ ජාත්‍යන්තර ණය මුදලෙන් ආධාර පිළිබඳව සැලකීමේදී චීනයට දැනට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන රිද්මය වෙනස් කළ යුතු බවය. ඔහු එහිදී සඳහන් කරන්නේ ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සුළු කාර්යයක් නොවන බවත් ඒ සඳහා චීන සහය අත්‍යවශ්‍ය බවත්ය.

එහෙත් මේ ප්‍රකාශහයට චීනය ඉතා වේගයෙන් උත්තර බැන්දේය. චීන අගමැතිවරයා ඊට දින දෙක තුනකට පසුව කීවේ ශ්‍රි ලංකාවේ ණය අර්බුදය විසඳීමේ පන්දුව ඇත්තේ මේ වෙලාවේ ශ්‍රි ලංකාව පැත්තේ බවය. චීනය මෙම ණය අර්බුදය විසදීමට සහය දීමට කැමති බවත් ඒ සඳහා සිදුවිය යුත්තේ කෙසේද යන්න සහ ශ්‍රි ලංකාව ණය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හිටපු අගමැකි මහින්ද රාජපක්ෂ වෙත සිය ස්තාවරය දන්වා ඇති බව ඔහු පවසා තිබුණි.

චීනයේ ස්ථාවරය කුමක්දැයි දන්නේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාය. ඔහු චීනයේ අවශ්‍යතාව වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සන්නිවේදනය කර ඇතිද නැතිද යන්න වෙනම කතාවකි.

කෙසේ වුවද ඔවුන් කියන්නේ පන්දුව ශ්‍රි ලකාවේ පැත්තේ ඇති බවය. එනම් මේ ණය ප්‍රතිව්‍යූහගත කරණය කිරීමට නම් චීනය විසින් බල බලාපොරොත්තු  වන යම් පියවරක් කොන්දේසියක් තිබෙන්නට පුළුවන්. එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රසිදධියේ කිව හැකිය. එහෙත් එය චීනය ප්‍රසිද්ධියේ නොකියන්නේඇයිද යන්න ගැටලුවකි. කොහාම වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර හමුවට ගිය ශ්‍රි ලංකාවේ එවකට මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළු කණ්ඩායම ආපසු පැමිණි විගසම චීන තානාපති කුයි සන්හොන්ග් පවසා සිටියේ චීනය ශ්‍රි ලංකාවට කළ හැකි උපරිමය කළ අතර ඒ සියලල් සිදු කළේ ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ලක් වීමට නොවන බවයි. එසේම ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ආපසු පැමිණ ණය ගෙවීම පැහැර හැරිය බවට නිවේදනය කිරීම කණගාටුවට කරුණක් බවද ඔහු එ වෙලාවේ සඳහන් කළේය.

එයින්ද ගම්‍ය වන්නේ චීනය ශ්‍රි ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන උග්‍ර අර්බුදය මත කුමක් හෝ ප්‍රසිද්ධියේ අප්‍රකාශිත අරමුණකින් යුතුව ක්‍රියාත්මක වන බවකි.

චීනය ට ශ්‍රි ලංකාව ඇති ණය කන්ද ඩොලර් බිලියන 7කට ආසන්නය. එබැවින් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අයි.එම්. එෆ් ණය ලබා ගැනීමේදී තීරණාත්මකය. බැලූ බැල්මට පෙනෙන කරුණක් වන්නේ චිනය ඒ සඳහා සූදානම් වන්නේ කලාපීය බල අරගලය තුළ ඉන්දියාවට ශ්‍රි ලංකාවේ සිට අභියෝග කළ හැකි බිමක් බවට ශ්‍රි ලංකාව පත් වන්නේ නම් පමණක්ද යන්න අපට සිතන්නට සිදුවන කරුණකි. පසුගිය සති කිහිපය තුළ හම්බන්තොට වරායට චීන යුධ අධිතාක්ෂණික නෞකාවක්  පැමිණීමේ සිට මේ දක්වා චීනය  සහ ඉන්දියාව අතර එහා මෙහා වන වචන හුවමාරුවලින් ප්‍රකාශ වන්නේද එම කරුණයි.

මේ මොහොතේ ලොක්යම ශ්‍රි ලංකාව දෙස බල සිටින්නේ කණස්සල්ලෙන් සහ කුතුහලයෙනි. මිත්‍රශීලී රාජ්‍යයක් ලෙස ලෝකය හඳනාගෙන සිටි හ්‍රි ලංකාව් අවස්ථාවාදී චේශපාලනය ජාත්‍යන්තර කරළිය තුල අපකීර්තිමතත් රටක් බවට පත් කළා මදිවාට මේ වනවිට චීනය වැනි රටවල් සමඟ ලිහා ගත නොහැකි ගැටලුවලට අප මැදි කොට ඇත.චීනය ණයගැන මහි්ද රාජපක්ෂ සමඟ කළ “කන් මන්ත්‍රණය“ ද එහි ප්‍රතිඵලයකි.  එවැනි තත්තවයක් මැද චීනයේ ඉදිරි හැසිරීම පිළිබදව රටේ නායකයන් බැලුවත් නොබැලුවත් රටේ ජනතාව කල්පනාවෙන් බලා සිටිය යුතුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩ දී   තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

රටට ඉහළින් ඉර මුදුන් වූ හිරු වැහිබර අහසේ සැඟවී ගිය හැටි…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.