සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු කඳවුරට කුඩු ජාවාරමුන් පටවා යුක්තියේ ලොක්කන් “කිරි කළයට ගොම එක් කළ හැටි” හෙළි වෙයි!

අයාලේ යන කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට සිදුවුන දේ මෙන්න....

by editor
පෙබරවාරි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අද කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරක් ලෙස පාලනය කරන්න බෑ… රැඳවියන් නිලධාරීන්ට මරණ තර්ජනය කර පලා යනවා… හැමදාම රෑට ගහ මරා ගැනීම්… කඳවුරේ පරිපාලන නිලධාරීන්ට රැඳවියන්ට පහරක් ගහන්නවත් නීතියෙන් අවසර නෑ… කන්දකාඩු කඳවුරේ පරිපාලනය කියයි

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ පාලනය කරගත නොහැකි තරම් බිහිසුණු ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙන්නේ යුක්තිය මෙහෙයුමෙන් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුනරුත්ථාපන කඳවුර වෙත යොමු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් හේතුවෙන් බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

ලංකාසර කළ සොයා බැලීමක දී අනාවරණය වන්නේ අධිකරණයේ දඬුවම් ලැබිය යුතු දිනකට ලක්ෂ ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ  මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්ඩායම පුනරුත්ථාපනයට බව පවසමින් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීම නිසා බවය.

මෙම පිරිස කඳවුරට පැමිණි අවස්ථාවේම තමන්ට පුනරුත්ථාපනය වීමට අනවශ්‍ය බවත්, අධිකරණ ක්‍රියාවලියකට නොගොස් මේ ආකාරයෙන් රඳවා තබා ගැනීම තුළ ප්‍රශ්න ඇතිවිය හැකි බවත් සන්නිවේදනය කර ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසුවේය.

මත්කුඩු ජාලය මෙහෙයවන මෙම අපරාධකරුවන් මීගමුවෙන් කන්දකාඩු කඳවුර වෙත යොමු කිරීමෙන් අනතුරුව මත්කුඩු භාවිතාකිරීම නිසා අධිකරණයෙන්  පුනරුත්ථාපනය සඳහා යොමු කළ, කලක් කඳවුරේ රැඳී සිටි රැඳවියන් සමග එක් වී ඇතැයි වාර්තා වේ. මුලින්ම මෙසේ එක් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සහ ඒ ආසන්නව පදිංචිව සිටි රැඳවියන් බව ද දැනගන්නට ඇත.

මෙසේ කලක් කඳවුරේ රැඳී සිටි පිරිස ජාවාරම්කාර කණ්ඩායමට කඳවුර තුළ පරිපාලනයේ දුර්වලතා, නිලධාරීන්ගේ දුර්වලතා මෙන්ම හසුරුවා ගතහැකි නිලධාරීන් සම්බන්ධව පූර්ණ විස්තරයක් ලබා දී ඇතැයි ද ඒ තොරතුරු මත හැසිරෙන මේ ජාවාරම්කාර කණ්ඩායම මේ වනවිට නිතිපතා කඳවුර තුළ කැරළි ඇතිකරමින් ඇතැයි ද වාර්තා වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නේ කඳවුරේ නිලධාරීන්ට තර්ජනය කර රැඳවියන් කඳවුරෙන් පිටතට යන බවත්, ඊයේ බස් රථයක් කොල්ල කන්නට ගොස් වැරදුන තැන පුද්ගලයෙකුට පිහියෙන් ඇන රුපියල් පනස් දහසක් හා ජංගම දුරකථන දෙකක් පැහැරගෙන පැමිණියේ මෙවන් කණ්ඩායමක් බවත් ය.

“ අපිට මේ සම්බන්ධව මේ මට්ටමේ දී මැදිහත් වීම් කරන්න අමාරුයි. මොකද එක් රැඳවියෙකුටවත් බැරිවෙලාවත් අපිට එක පාරක්වත් ගහන්න බෑ. එහෙම සිද්ධ වුන හැටියේ ජීවිත කාලය පුරාම මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත නඩු කියන්න වෙනවා. රැකියාවත් අහිමි වෙනවා. කන්දකාඩු කඳවුර තුළ දැන් ඇතිවෙලා තියෙන්නේ අතිශයින්ම සංකීර්ණ තත්ත්වයක්” අපට තොරතුරු හෙළි කළ නිලධාරියෙක් පැවසුවේය.

“ යුක්තිය මෙහෙයුම පටන් ගන්නකොට ඒ අයට අත් අඩංගුවට ගන්න පුද්ගලයින් සම්බන්ධව සැලසුමක් තිබුණේ නෑ. අද බන්ධනාගාර පිරී ගිහින්. පුනරුත්ථාපන කඳවුරුවල විශාල ප්‍රශ්න ඇති වෙලා.”    තත්ත්වය ගැන කතා කරන විට පරිපාලන අංශ පවසන්නේ  එවැනි කතාවකි.

මෙවැනි තත්ත්වයක් ඇතිවන්නට හේතුව කුමක්ද යන්න පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් අවසාන වශයෙන්  විමසුවෙමු.

ඔහු කිව්වේ  ” මේ සිදුව ඇත්තේ කිරි කළයට ගොම බින්දුවක් දැමුවා වැනි වැඩක්” කියාය.

තමා කිසිවෙකුටත් චෝදනාවක් එල්ල නොකරන බවද කන්දකාඩුව පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ  අකටයුතුකම් සිදුකරමින් සෙසු රැඳවියන් ද  නොමග යවා නීති රාමුවෙන් පිටතට කටයුතු කරන්නේ මෑත කාලීනව යුක්තිය වැඩසටහනෙන් අල්ලා ගෙනැවිත් දමා  ඇති පිරිස බව හෙළි කරගෙන ඇතැයි ද පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණයේ දී රෙදි ගැලවුනු නිරුවත් වානරයාගේ කතාව…  ඉමියුනො ග්ලොබියුලීන් අපරාධය කරන්න කෙහෙළිය කැබිනට් එකටත්  බොරු කියලා..

Next Post

නිදහස් දා ගම් වැදුණු වන අලියෙක් පලවා හැරීමට ගිය වන සත්ත්ව නියාමකවරයෙකුට වන අලි ප්‍රහාරයක්… නිලධාරියා අසාධ්‍යව රෝහලේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.