අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ බ්‍රිතාන්‍යය අනුමත කළ ප්‍රතිවෛරස කොවිඩ් කරල ලංකාවට ගෙන්වීමට රාජ්‍ය ඇමතිගෙන් විමසුමක්!

by editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

‍ඊයේ (04) බ්‍රිතාන්‍යයේ භාවිතා කිරීම අනුමත කළ  මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ප්‍රතිවෛරස  ඖෂධයක් වූ Molnupiravir ඖෂධය ලංකාව තුළ භාවිතයට ලබා ගත යුතු ද යන්න පිළිබඳව විමසමින්  ඖෂධ නිශ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය  චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවා තිබේ.

මුඛ මගින් ලබා දෙන Molnupiravir ප්‍රතිවෛරස් ඖෂධය  මගින් කොවිඩ් ආසාදිතයන්   රෝහල්ගත කිරීම සහ මරණීය අවදානම සියයට 50කින් අඩුවන බව එම ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.

Molnupiravir ඖෂධය ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව කොවිඩ් විද්වත් කමිටු මතය තමන් වෙත දන්වන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙයි.

ඔහු කියන්නේ  එම ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇණවුම් කර ඇති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත්   විදේශ මාධ්‍ය වාර්තා කළේ මුඛ මාර්ගයෙන් ලබා ගන්න ප්‍රතිවෛරස ඖෂධයක් ලෝකයේ මුල්ම වරට  මහා බ්‍රිතාන්‍යය ඊයේ (04) අනුමත කරනු ලැබූ බවය.

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) සායනික දත්ත උපුටා දක්වමින් පවසා තිබුණේ  කොවිඩ් වෛරසය පිළිබඳ කෙරෙන පරීක්ෂාවකින්  අනතුරුව කොවිඩ් ආසාදිතබව තහවුරු වන රෝගීන්ට රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත     molnupiravir ඖෂධය භාවිතය සඳහා නිර්දේශ කළ බවත් එම වාර්තාවල සඳහන් වූයේය.

ඇමරිකා එක්සත් ජනපදය ඖෂධය භාවිතයට අනුමත කිරීම පිළිබඳ තීන්දුවක් ගැනීමට මේ මස අග දී කටයුතු කරන බවත් එම වාර්තාවල දැක්විනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිකම අතාරින්නැයි බලපෑම් – අලි සබ්රි දෙලොවක් අතර

Next Post

“ඊළඟ අයවැයට අදහස් දෙන්න රටේ ව්‍යාපාරිකයාට ඉඩක් නෑ” – ප්‍රධාන පෙළේ ව්‍යාපාර නායකයකුගෙන් චෝදනාවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.