සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉනිමකින් ගහගන්න තිබුණ අභියෝගය මගහැර වේග පන්දු යවන්නන් විවේක ගැන්වීමට ගොස් වෙච්චි දේ…

by editor
අප්‍රේල් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඉනිමක ජයග්‍රහණයක් ලැබීමට තිබූ සම්භාවිතාව අතහැර පිතිකරුවන් ඉතා අපහසුතාවයට ලක් කරන ආකාරයෙන් හැසිරෙමින් තිබුණු චිතගොන් ෂාහුල් සහිඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දී ලකුණු 354ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගය ලබා දීමට නැවත පිතිකණයට නොකැඳවා දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට තීන්දු කලේ වේග පන්දු යවන්නන්ට අවශ්‍ය විවේකය ලබා දීමට අවශ්‍ය නිසා බව අද ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ පැවසුවේය.

තරගය අවසානායේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී රටම විමසා සිටින මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ලකුණු 500ක ඉලක්කයක් ලබාදීමත් දින දෙක තුළ ඇති කාර්තු 06 තුළ සැලසුම් සහගතව ක්‍රිඩා කර පන්දු යවන්නන්ට අවශ්‍ය විවේකය  ලබා දීමත් කළමනාකාරිත්වයේ අරමුණ වූ බව ඔහු පැවසුවේය.

ප්‍රවීන ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියන්නේ ශ්‍රී ලංකාව නැවතත් පන්දුවට පහර දීමට ගත් තීරණය තේරුම් ගත හැකි බවය. වේග පන්දු යවන්නන්ට විශාල පන්දු ඕවර ප්‍රමාණයක් යැවීමට සිදුවන බව පෙනෙන තරගයක දී පවතින අධික උෂ්ණත්වය සහිත පරිසරය ගැන අවධානය යොමු කළ යුතු බව ඔහු කියයි.  විවේකයක් සහිතව ශක්තිමත් වී අවසන් ප්‍රහාරයට සැරසීම ප්‍රමුඛතාවය බව ඔහු පෙන්වා දෙන්නේය.

එහෙත් එම සැලසුම මේ වනවිට බරපතල ලෙස විවේචනය වෙමින් ඇත්තේ සහේතුක කාරණාත් සමගය.

අද දවස තුළ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ පන්දු ඕවර 68.4කි. ඉන් පන්දු ඕවර 24ක් යැව්වේය. ධනංජය සිල්වා පන්දු ඕවර 7ක් යැව්වේය.  පන්දු ඕවර 68.4න් ඕවර 31 යවා තිබුණේ දඟ පන්දු යවන්නන්ය. වේගපන්දු යවන්නන් තුන් දෙනාම යවා තිබුණේ  ඕවර 37.4 කි.  විශ්ව ප්‍රනාන්දු පමණක් ඕවර 16ක් යැව්වේය. ලහිරු කුමාර ඕවර 11කි. අසිත ප්‍රනාන්දු ඕවර 10.4කි. අසිත සහ ලහිරු යවා තිබුනේ ටෙස්ට් ඉනිමක වේග පන්දු යවන්නෙක් යවන පන්දු ඕවර ගණන නොවේ.  එක්දින තරගයක වේග පන්දු යවන්නෙක් යවන පන්දු ඕවර ගණන හා සමාන පන්දු ඕවර ගණනකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනයේ තව යවන්න තිබුනේ පන්දු ඕවර 25කි. මෙයින් එක් පන්දු යවන්නෙකුට අද පන්දු ඕවර 5 බැගින් අඩුම තරමින් යවන්න තරම් ශක්තියක් නැති බවත්, ඔවුන් විවේක ගැන්විය යුතු බවත් සිතන්නට අපට දැන් කණ්ඩාමේ පරිපාලනය බල කරන්නේය.

දෙවැනි කාරණාව නම් පලමු ඉනිමේ ලබා ගත් ඉහල ගෞරවය මේ තීන්දුවත් සමග හැල්ලු වීමය.  පිතිකරුවන් දැවී ගියේ පෙරහර යනවා සේය. මේ ජයග්‍රහණය කාසියේ වාසිය නිසා ලද එකක් මට්ටමට ඇද වැටුනේ දෙවැනි ඉනිමේ දි ලකුණු 86ට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 06ක් දැවී ගිය පසුය. අපට හිතුනේ  ඇත්තටම විවේකය අවශ්‍යව තිබුණේ පිතිකරුවන්ට බවය.

අහවල් විවේකයක් දැයි සිතෙන්නේ පන්දු ඕවර 20ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් 6 දෙනෙක් දැවී යෑමත් සමගය. දැන් ශ්‍රි ලංකා පිලේ සිටිනා එකම ප්‍රමුඛ පෙළේ පිතිකරුවා මැතිව්ස් පමණය. මැතිව්ස් පන්දුවට පහර දෙන්නේත් අවිශ්වාසනීයවය.  අනෙක් අන්තයෙන් ඔහු සමග අද දිනය නිමා කලේ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ය. අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංගලාදේශ කණ්ඩායම යැවූ පන්දු 150න් පන්දු 17කට මුහුන දුන්නේ ප්‍රභාත් ය.

දැන් පෙනෙන හැටියට ශ්‍රි ලංකා දෙවැනි ඉනිම ලකුණු 150ක් දිගට යන්නේ නැත. මේ කළමනාකාරිත්වය කියන ලකුණු 500 මොකක්දෝ එක ගන්නට තව ලකුණු 45ක් අවශ්‍යය. එය ලබා ගැනිමත් දැන් පෙනෙන ආකාරයට පහසු නැත.

තරගය ජයග්‍රහණය කිරිමේ ඉතා වැඩි සම්භාවිතාවක් දැනටත් ඇත. එහෙත් දැන් ඒ ජයග්‍රහණයේ ගෞරවය යම් පමණකට හායනය වී ඇත. හිතට දුක ඒකය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඒ කළේ කුමක් ද?

Next Post

මොස්කව් ප්‍රහාරයට පෙර තමන් ද අනතුරු ඇඟවූ බව ඉරානය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.