දිනසේන රතුගමගේ –
මන්නාරම පේසාලේ මුහුදු තීරයේ අනීතික මස්ය කොල්ලකය යෙදෙමින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු ඔවුන් පැමිණි ටෝලර් යාත්රා දෙකක් සමග නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් වෙත අද (17) බාර දී තිබේ.
එම ධීවරයින් විසින් නීති විරෝධී ලෙස අල්ලන ලද මාලු කිලෝ ග්රෑම් 1800 ක් පමණ නාවික හමුදා නිලධාරීන් විසින් මුහුදට හලා විනාශ කිරීමට පියවර ගෙන ඇත.
රාමේස්වරන් සිට පැමිණ ඇති මෙම ධීවරයින් 18 දෙනාගෙන් 11 දෙනෙකුම ප්රාදේශීය භාෂාවක් පමණක් කතා කරණ අතර ඔවුන් සීමට්ටි ලෙස හදුන්වන ධීවර කර්මාන්තයේ කුලී කරුවෝ වෙති.
මේ හේතුව මත ධීවර නිලධාරීන්ට ඔවුන්ගෙන් ප්රකාශ ලබා ගැනීමේ දුෂ්කරතාවයක් මතුව ඇත.
නාවික හමුදාව විසින් බාර දෙන ලද ඉන්දීය ධීවරයින් මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ධීවර නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් පැමිණි යාත්රා දෙක නාවික හමුදාව බාරයේ තබාගෙන ඇත.