ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පසුගිය සිව් වසර තුළ දී සියයට 220 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ.
පසුගිය වසර පහ තුළ එරට සූර්ය බලශක්ති ධාරිතාව පමණක් 11 ගුණයකින් වැඩි වී තිබේ.
ජාත්‍යන්තර සූර්ය සන්ධානය විසින් පිරිසිදු බලශක්ති ගවේෂණය යන තේමාව යටතේ පසුගිය දා පැවැත් වූ සම්මන්ත්‍රණයක දී මෙම කරැණු අනාවරණය කෙරිණ.
ඉන්දියාව සහ ප්‍රංශය විසින් ජාත්‍යන්තර සූර්ය සන්ධානය ආරම්භ කරන ලද්දේ , සූර්ය බලශක්ති විසඳුම් යෙදවීම හරහා දේශගුණික විපර්යාසයන්ට එරෙහිව උත්සාහයන් බලමුලු ගැන්වීමේ අරමුණිනි.
ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ආරම්භක සමුළුව 2018 වර්ෂයේ දී ඉන්දියාවේ දී පැවැත්වූ අතර ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ලේකම් කාර්යාලය නවදිල්ලියේ පිහිටුවා තිබේ.
වර්තමානය වන විට ඉන්දියාවේ සමස්ත ස්ථාපිත විදුලි ධාරිතාවයෙන් සියයට 40ක් පොසිල ඉන්ධන නොවන බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.







