මේවන විට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රජයේ සෞඛ්‍ය අංශ සතුව නොමැති වීම නිසා පෞද්ගලික අංශය මගින් පමණක් පරීක්ෂණ සිදු කරන බැවින් ඇතැම් පෞද්ගලික ආයතන සාමාන්‍ය මුදල ඉක්මවා රැපිඩ් පරීක්ෂණ සඳහා මුදල් අය කරන බවට පැමිණිලි ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති අසංක රාජපක්ෂ පවසයි.
මෙම තත්වය තුළ කොවිඩ් පාලනය ගිලිහී යනවා පමණක් නොව, වසංගතය හරහා ජාවාරමක් ද නිර්මාණය වෙමින් ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ මේ නවනිට මහනුවර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 06 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවය.
මහනුවර දිස්ත්‍රික්කය තුළම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 15 දෙනෙකුට පමණ මේ වනවිට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ද ඔහු කීවේය.









