සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් පොලිස් බලතල නැති දේශපාලන විසඳුමක් එපා… ජනපතිට බලපෑම් කරන්නැයි ඉන්දීය අගමැතිගෙන් ඉල්ලා සම්පන්දන් ලිපියක් යවයි…. ( සම්පූර්ණ ලිපිය )

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දු-ලංකා සාම ගිවිසුම කෙරෙහි යළි අවධානය යොමු කොට දෙමළ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දීමට ක්‍රියා කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි   වෙත ඊයේ (18 ) ලිපියක් යවා තිබේ.

පොලිස් හා ඉඩම් බලතල නොමැතිව උතුරු නැගෙනහිර එක්  නොකොට ලබා දෙන දේශපාලන විසඳුමකින් දෙමළ ප්‍රශ්න  නොවිසදෙන නිසා ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබුණු  ඉන්දු – ලංකා  සාම ගිවිසුම ප්‍රකාරව මේ අවස්ථාවේදී කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ඉන්දියාවට බව  සම්පන්ධන් මන්ත්‍රීවරයා විසින් යවන ලද එම ලිපියේ සඳහන් කොට ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවීම පිණිස එම ලිපිය  18 දා කොළඹදී ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත බාර දී තිබේ.

ඉඩම් හා පොලිස් බලතල ලබා නොදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කාරනා අමතක කොට ලබා දෙන කිසිදු විසඳුමකට දෙමළ දේශපාලනඥයින් හෝ දෙමළ ජනතාව කැමැත්තක් නොදක්වන නිසා ඉන්දියාව මේ කෙරෙහි ශ්‍රී ලංකාවේ   ජනාධිපතිවරයාට යම් බලපෑමක් සිදු කල යුතුව ඇතැයිද  එම ලිපියේ සදහන් කොට ඇත.

එමෙන්ම මේ කරුණ ගැන ඉන්දීය සංචාරයේදී ඉන්දීය නායකයා සමග  සාකච්ඡා කරන ලෙස  සම්පන්ධන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද මෙහිදී යළි මතක් කොට දී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව පවැත්ම හා අනන්‍යතාවය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට වඩා එහාට ගමන් කළ යුතු සිද්ධාන්තයක් බවත් උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන බහුතරයක් වූ දෙමළ ජනතාව සඳහා සමගිය හා සමානාත්මතාවය සුරැකෙන ආකාරයේ විසඳුමක් අවශ්‍ය බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය නායකයාට සිය ලිපිය මගින් අවධාරණය කොට තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ උතුරේ ද්‍රවිඩ දේශපාලන නායකයින් හමුවූ අවස්ථාවේ දී ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ පොලිස් බලතල ලබා දෙමින්, උතුරු නැගෙනහිරඑකතු කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟතාවය පල කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉන්දිය අගමැතිට යැවූ ලිපිය පහත දැක්වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව ජල ගාස්තු සූත්‍රයක්… යෝජිත ජල ගාස්තු සංශෝධනයෙන්  සමෘද්ධි ලාභීන්ට සහ වතු ජනතාවට බලපෑමක් නෑ… ඇමති කියයි!

Next Post

විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ලිබියාව සමඟ ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.