දිනසේන රතුගමගේ –
ඉන්දු-ලංකා සාම ගිවිසුම කෙරෙහි යළි අවධානය යොමු කොට දෙමළ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දීමට ක්‍රියා කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත ඊයේ (18 ) ලිපියක් යවා තිබේ.
පොලිස් හා ඉඩම් බලතල නොමැතිව උතුරු නැගෙනහිර එක් නොකොට ලබා දෙන දේශපාලන විසඳුමකින් දෙමළ ප්‍රශ්න නොවිසදෙන නිසා ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබුණු ඉන්දු – ලංකා සාම ගිවිසුම ප්‍රකාරව මේ අවස්ථාවේදී කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ඉන්දියාවට බව සම්පන්ධන් මන්ත්‍රීවරයා විසින් යවන ලද එම ලිපියේ සඳහන් කොට ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවීම පිණිස එම ලිපිය 18 දා කොළඹදී ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත බාර දී තිබේ.
ඉඩම් හා පොලිස් බලතල ලබා නොදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කාරනා අමතක කොට ලබා දෙන කිසිදු විසඳුමකට දෙමළ දේශපාලනඥයින් හෝ දෙමළ ජනතාව කැමැත්තක් නොදක්වන නිසා ඉන්දියාව මේ කෙරෙහි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට යම් බලපෑමක් සිදු කල යුතුව ඇතැයිද එම ලිපියේ සදහන් කොට ඇත.
එමෙන්ම මේ කරුණ ගැන ඉන්දීය සංචාරයේදී ඉන්දීය නායකයා සමග සාකච්ඡා කරන ලෙස සම්පන්ධන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද මෙහිදී යළි මතක් කොට දී තිබේ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව පවැත්ම හා අනන්‍යතාවය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට වඩා එහාට ගමන් කළ යුතු සිද්ධාන්තයක් බවත් උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන බහුතරයක් වූ දෙමළ ජනතාව සඳහා සමගිය හා සමානාත්මතාවය සුරැකෙන ආකාරයේ විසඳුමක් අවශ්‍ය බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය නායකයාට සිය ලිපිය මගින් අවධාරණය කොට තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ උතුරේ ද්‍රවිඩ දේශපාලන නායකයින් හමුවූ අවස්ථාවේ දී ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ පොලිස් බලතල ලබා දෙමින්, උතුරු නැගෙනහිරඑකතු කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟතාවය පල කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉන්දිය අගමැතිට යැවූ ලිපිය පහත දැක්වේ.








