සෞඛ්‍ය ඇමති පවිත්‍රා මැතිසබයේදී එන්නත් ගැන කතාකරයි
ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී සති කිහිපයක් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්ව ඇති වූ රෝගීන් 06ක් ශ්‍රි ලංකාවෙන් වාර්තා වී ඇති අතර ඉන් තුන් දෙනෙකු මරණයට පත් වී ඇති බව සෞක්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙවැනි ත්ත්තව රටවල් ගණනාවකින් වාර්තා වී ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු අබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සම්බන්ධතාවක් හඳුනාගෙන නොමැති අතර මෙවැනි සිදුවීම වාර්තා වී ඇත්තේ මිලියනයකට 4ත් 6ත් ලෙස ලොක් සෞක්‍ය සංවිධානය දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බවද ඇමතිවරයි සඳහන් කළාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කවදරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.
“ඇස්ට්‍රා සෙනිකා එන්තන ලබාදීම අත්හිටුවා නැත. දෙවන මාත්‍රාව මැයි මස මුලදී පළමු එන්නත ලබාගත් පුද්ගලයන්ට ලබාදීමට සැලසුම් කර ඇත. ඇස්ට්‍රා සෙනිකා එන්නත පමණක් නොව ඕනෑම එන්නනතකින් පසු සන්කූලතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරුණකි.
උදාහරණයක් ලෙස මුඛ පෝලියෝ එන්නත ලබාදීමෙන් පසුව ළමයින් ලක්ෂහතරකින් එක් අයෙකු පෝලියෝ රෝග තත්ත්වයට/ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතියි. දැනට භාවිතා වන බොහෝ එන්නත් ලබාදීමෙන් පසුව ලක්ෂයකට එක් අයෙකුට උගුර අසාත්මික තතත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත (ඉතා කලාතුරකින් මරණීය තත්වයක් වුවද ඇතිවිය හැක).
එන්නත්කරණය තුල කලාතුරකින් ඇතිවන ආසාත්මික තත්වය සම්බන්ධව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම එන්නත්කරණය සම්බන්ධ මහජන විශ්වාසය පළුදුවිය හැකි බව අවධාරණය කරමි.
තවද මෙම ඇස්ට්‍රා සෙනිකා එන්නත තවදුරටත් භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත. යුරෝපීය සංගමය හා සම්බන්ධ ඖෂධ සභාව විසින් ද මේ හා සමාන මතයක් ඉදිරිපත් කර ඇත.
රජයක් ලෙස මෙවැනි සිදුවීම් හඳුනා ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා මාර්ග ගෙන ඇත.
• එන්නත ලබාගැනීමෙන් පසුව යම් සංකූලතාවයක් ඇතිවුව හොත් දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.
(දුරකථන අංකය – 0113415985)
• මෙවැනි රෝගීන් සඳහා කොළඹ මහ රෝහලේ විශේෂ ඒකකයක් සූදානම්ව පවතියි. මෙවැනි සිදුවීම් විශේෂඥ කමිටුවකට යොමු කරනු ලබයි.
• මෙවැනි ආසාත්මික තත්ත්වයන් කළින් හඳුනා ගැනීම සඳහා එන්නත් ලබාගන්නන් දැනුවත් කර ඇත. එන්නත ලබාගැනීමෙන් දින 4කට පසුව හිසරදය, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, කකුලේ දැඩි වේදනාව පවතියි නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස දැනුවත් කර ඇත.
• දීර්ඝ කාලීන සංකූලතා මතුවන රෝගීන් පිළිබඳව කරුණු සොයා බැලීමට ( AEFI – ADVERSE EVENT FOLLOWING IMMUNIZATION ) විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන එම කමිටුවෙහි විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරයි. එහි සාමාජිකයන් වන්නේ
1. වි.වෛද්‍ය සුදත් සමරවීර -ප්‍රධාන වසංගතවේද විශේෂඥ
2. වි. වෛද්‍ය නිලීකා මලවිගේ – ප්‍රතිශක්තිකරණවේද විශේෂඥ
3. වි.වෛද්‍ය ආනන්ද විජේවික්‍රම -කායික රෝග විශේෂඥ
4. වි.වෛද්‍ය විශාකා මලලසේකර -රක්තවේද විශේෂඥ
5. වි.වෛද්‍ය සුනේත්‍රා ගුණවර්ධන- පෝෂණවේද විශේෂඥ
6. වි.වෛද්‍ය කාන්ති නානායක්කාර – වෛරසවේද විශේෂඥ
7. වි.වෛද්‍ය රජීව ඩී. සිල්වා – ප්‍රතිශක්තිවේද විශේෂඥ
8. වි.වෛද්‍ය අජිත් තෙන්නකෝන් – ප්‍රධාන අධිකරණ විශේෂඥ
9. වි.වෛද්‍ය සමිත ගිනිගේ – වසංගතවේද විශේෂඥ
10. වි.වෛද්‍ය ලලින්ද්‍ර – රක්තවේද විශේෂඥ
11. වි.වෛද්‍ය උපාලි දිසානායක – කායික රෝග විශේෂඥ







