සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගත් රෝගීන් හයකගේ රුධිරය කැටිගැසීම් වාර්තා වෙලා

by Lanka Sara Editor
අප්‍රේල් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ඇමති පවිත්‍රා මැතිසබයේදී එන්නත් ගැන කතාකරයි
ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී සති කිහිපයක් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්ව ඇති වූ රෝගීන් 06ක් ශ්‍රි ලංකාවෙන් වාර්තා වී ඇති අතර ඉන් තුන් දෙනෙකු මරණයට පත් වී ඇති බව සෞක්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මෙවැනි ත්ත්තව රටවල් ගණනාවකින් වාර්තා වී ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු අබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සම්බන්ධතාවක් හඳුනාගෙන නොමැති අතර මෙවැනි සිදුවීම වාර්තා වී ඇත්තේ මිලියනයකට 4ත් 6ත් ලෙස ලොක් සෞක්‍ය සංවිධානය දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බවද ඇමතිවරයි සඳහන් කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කවදරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

“ඇස්ට්‍රා සෙනිකා එන්තන ලබාදීම අත්හිටුවා නැත. දෙවන මාත්‍රාව මැයි මස මුලදී පළමු එන්නත ලබාගත් පුද්ගලයන්ට ලබාදීමට සැලසුම් කර ඇත. ඇස්ට්‍රා සෙනිකා එන්නත පමණක් නොව ඕනෑම එන්නනතකින් පසු සන්කූලතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරුණකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

උදාහරණයක් ලෙස මුඛ පෝලියෝ එන්නත ලබාදීමෙන් පසුව ළමයින් ලක්ෂහතරකින් එක් අයෙකු පෝලියෝ රෝග තත්ත්වයට/ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතියි. දැනට භාවිතා වන බොහෝ එන්නත් ලබාදීමෙන් පසුව ලක්ෂයකට එක් අයෙකුට උගුර අසාත්මික තතත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත (ඉතා කලාතුරකින් මරණීය තත්වයක් වුවද ඇතිවිය හැක).

එන්නත්කරණය තුල කලාතුරකින් ඇතිවන ආසාත්මික තත්වය සම්බන්ධව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම එන්නත්කරණය සම්බන්ධ මහජන විශ්වාසය පළුදුවිය හැකි බව අවධාරණය කරමි.

තවද මෙම ඇස්ට්‍රා සෙනිකා එන්නත තවදුරටත් භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත. යුරෝපීය සංගමය හා සම්බන්ධ ඖෂධ සභාව විසින් ද මේ හා සමාන මතයක් ඉදිරිපත් කර ඇත.

රජයක් ලෙස මෙවැනි සිදුවීම් හඳුනා ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා මාර්ග ගෙන ඇත.
• එන්නත ලබාගැනීමෙන් පසුව යම් සංකූලතාවයක් ඇතිවුව හොත් දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.
(දුරකථන අංකය – 0113415985)
• මෙවැනි රෝගීන් සඳහා කොළඹ මහ රෝහලේ විශේෂ ඒකකයක් සූදානම්ව පවතියි. මෙවැනි සිදුවීම් විශේෂඥ කමිටුවකට යොමු කරනු ලබයි.
• මෙවැනි ආසාත්මික තත්ත්වයන් කළින් හඳුනා ගැනීම සඳහා එන්නත් ලබාගන්නන් දැනුවත් කර ඇත. එන්නත ලබාගැනීමෙන් දින 4කට පසුව හිසරදය, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, කකුලේ දැඩි වේදනාව පවතියි නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස දැනුවත් කර ඇත.
• දීර්ඝ කාලීන සංකූලතා මතුවන රෝගීන් පිළිබඳව කරුණු සොයා බැලීමට ( AEFI – ADVERSE EVENT FOLLOWING IMMUNIZATION ) විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන එම කමිටුවෙහි විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරයි. එහි සාමාජිකයන් වන්නේ
1. වි.වෛද්‍ය සුදත් සමරවීර -ප්‍රධාන වසංගතවේද විශේෂඥ
2. වි. වෛද්‍ය නිලීකා මලවිගේ – ප්‍රතිශක්තිකරණවේද විශේෂඥ
3. වි.වෛද්‍ය ආනන්ද විජේවික්‍රම -කායික රෝග විශේෂඥ
4. වි.වෛද්‍ය විශාකා මලලසේකර -රක්තවේද විශේෂඥ
5. වි.වෛද්‍ය සුනේත්‍රා ගුණවර්ධන- පෝෂණවේද විශේෂඥ
6. වි.වෛද්‍ය කාන්ති නානායක්කාර – වෛරසවේද විශේෂඥ
7. වි.වෛද්‍ය රජීව ඩී. සිල්වා – ප්‍රතිශක්තිවේද විශේෂඥ
8. වි.වෛද්‍ය අජිත් තෙන්නකෝන් – ප්‍රධාන අධිකරණ විශේෂඥ
9. වි.වෛද්‍ය සමිත ගිනිගේ – වසංගතවේද විශේෂඥ
10. වි.වෛද්‍ය ලලින්ද්‍ර – රක්තවේද විශේෂඥ

11. වි.වෛද්‍ය උපාලි දිසානායක – කායික රෝග විශේෂඥ

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව ආගමික නායකයන් සමග විදී බසින බව කාදිනල් හිමියෝ කියති…

Next Post

අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ආඩම්බරයක්… කිරුළ අත්හරිමින් කැරොලයින් කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.