අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය ගොඩනගන්න රනිල් කළ යුතු දේ ආචාර්ය කුමාරස්වාමි කියයි…

by editor
ජූලි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බිද වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍ය බවත් ජනප්‍රිය දේශපාලනික පියවරවලින් බැහැරව කටයුතු කරන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙම ආර්ථික හැරවීම සම්බන්ධයෙන් හොඳ සාක්ෂරතාවක් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ඒ අනුව මෙම ව්‍යවසනය මඟ හැරවීම සඳහා නව ජනාධිපතිවරයා විසින්  දැඩි තීන්දු ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

“ද වයර්  “ නාලිකාව සමඟ සම්මුඛ සාක්ඡාවකට සහභාලී වූ හිටපු මහ බැංකු අධිතිවරයා ලොක්යේම පිලිගැනීමක් ඇති ආරථික විද්වතකු ලෙසන් සැලකේ. ඔහු ශ්‍රි ලංකාව පිළිබඳව කළ විමසීම්වලට පිළිතුරු සෙමින් තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා “උණ්ඩය සපා කෑමට සූදානම්“ බව පෙනෙන බවත් ඔහු එසේ එසේ නොකළහොත් ශ්‍රී ලංකාව අගාධයට ගොස්  විනාශයක් සිදු වනු ඇති බවත් සඳහන් කළේය.

“වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් ඉතා සාක්ෂරතාවයෙන් යුක්තයි. කළ යුතු දේ ඔහු දන්නවා. ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ඇද දමා ඇති දේශපාලන ගතිකත්වය සහ ඊට බලපෑ  ආර්ථිකයට විෂ සහිත  ජනප්‍රිය  දේශපාලනය සහ ඊට හිමි සංස්කෘතිය අනුව ඔහුට හෝ වෙනත් දේශපාලනඥයෙකුට මේ වෙලාවේ කටයතු ඛල නොහැකියි. මේ යතාර්ථය ජනාධිපති වික්‍රමසිංහ   තේරුම් ගන්නේ නම්, ඔහුට එය ඉටු කළ හැකියි,”

ආචාර්ය කුමාරස්වාමි කුමාරස්වාමි The Wire සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත..

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“පළමුව, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  ගිවිසුමකට යා යුතුයි.  මන්ද මේ මොහොතේ අපට විදේශ විනිමය හෝ රුපියල් නෑ. රජයට රාජ්‍ය මූල්‍ය ආදායමක් නොමැති වගේම  මුදල්  මුද්‍රණය කිරීම සඳහා මහ බැංකුවට දැවැන්ත පෙලඹවීමක් එල්ල කර තිබෙනවා“.

“මෙය වහාම විසඳිය යුතුයි.  ඊට අපට පෙනෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන වැඩසටහනක්.  එය අපට හොඳ පාලනයක් පිළිබඳ සහතිකයක් ලබා දෙන අතර ඒ මඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතනවලින් ණය පහසුකම් ලබා ගත හැකියි. ආර්ථිකය තුළට පුද්ගලික ආයෝජන ගලා ඒමට ද ඉඩ සැලසේ. ඒ වගේම ණය දෙන්නන් එක්ක කතා කරලා අපේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කර ගත යුතුයි. .“

“දෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ  අවසන් වන තුරු ඉන්ධන, ආහාර, ඖෂධ ආදී අත්‍යවශ්‍ය සැපයුම් කඩිනමින් ලබා ගැනීමේ ක්‍රමයක් ජනාධිපති  වික්‍රමසිංහට සොයාගත යුතුව තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් ලබා දීමේ මට්ටමට අවසන් කිරීමට මාස පහක් හෝ හයක් පමණ ගත වන අතර, මෙම කාලය තුළ අත්‍යවශ්‍ය ආනයනයන් සපුරාලීම සඳහා ජනාධිපතිවරයාට අතරමැදි  මූල්‍ය  පාලමක් නිර්මාණය කර ගැනීමට සිදුවනවා.“

“තෙවනුව, ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට යන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතා පැහැදිලි සැලැස්මක් ජනාධිපතිවරයා සතුව තිබිය යුතුයි,”

ආචාර්ය කුමාරස්වාමි මහතා රජය නුදුරු අනාගතයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුන ගෙනහැර දැක්වීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ නව පන්ජාබ් මහ ඇමතිට විරුද්ධව රට පුරා විරෝධතා

Next Post

අරගලකරුවන් පැහැරගත් බව කී ගිනි අවිය දියවන්නා ජලාශයේන් සොයා ගනී….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.