පොල්ගොල් මංසන්ධියේ දී පසුගිය 13 දා ඇතිවූ ගැටුමේ දී අරගලකරුවන් විසින් පැහැරගත් බව කී ගිනි අවිය නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරින් විසින් දියවන්නා ජලාශයෙන් සොයාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම ගිනි අවිය සහ හිස් පතොරොම් ගැබක් රාජගිරිය සමනල පාලම අසල දියවන්න ජලාශෙයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පාලම යට තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
පැහැරගත් බව කී අනෙක් ගිනි අවියත් ජලාශයේ ඇතැයි යන සැකය පිට තව දුරටත් මෙහෙයුම් දියත්වන බව පොලිසිය කියයි.
එම නිවේදනය පහත දැක්වේ.