බිද වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍ය බවත් ජනප්‍රිය දේශපාලනික පියවරවලින් බැහැරව කටයුතු කරන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙම ආර්ථික හැරවීම සම්බන්ධයෙන් හොඳ සාක්ෂරතාවක් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
ඒ අනුව මෙම ව්‍යවසනය මඟ හැරවීම සඳහා නව ජනාධිපතිවරයා විසින් දැඩි තීන්දු ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.
“ද වයර් “ නාලිකාව සමඟ සම්මුඛ සාක්ඡාවකට සහභාලී වූ හිටපු මහ බැංකු අධිතිවරයා ලොක්යේම පිලිගැනීමක් ඇති ආරථික විද්වතකු ලෙසන් සැලකේ. ඔහු ශ්‍රි ලංකාව පිළිබඳව කළ විමසීම්වලට පිළිතුරු සෙමින් තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා “උණ්ඩය සපා කෑමට සූදානම්“ බව පෙනෙන බවත් ඔහු එසේ එසේ නොකළහොත් ශ්‍රී ලංකාව අගාධයට ගොස් විනාශයක් සිදු වනු ඇති බවත් සඳහන් කළේය.
“වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් ඉතා සාක්ෂරතාවයෙන් යුක්තයි. කළ යුතු දේ ඔහු දන්නවා. ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ඇද දමා ඇති දේශපාලන ගතිකත්වය සහ ඊට බලපෑ ආර්ථිකයට විෂ සහිත ජනප්‍රිය දේශපාලනය සහ ඊට හිමි සංස්කෘතිය අනුව ඔහුට හෝ වෙනත් දේශපාලනඥයෙකුට මේ වෙලාවේ කටයතු ඛල නොහැකියි. මේ යතාර්ථය ජනාධිපති වික්‍රමසිංහ තේරුම් ගන්නේ නම්, ඔහුට එය ඉටු කළ හැකියි,”
ආචාර්ය කුමාරස්වාමි කුමාරස්වාමි The Wire සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත..
“පළමුව, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට යා යුතුයි. මන්ද මේ මොහොතේ අපට විදේශ විනිමය හෝ රුපියල් නෑ. රජයට රාජ්‍ය මූල්‍ය ආදායමක් නොමැති වගේම මුදල් මුද්‍රණය කිරීම සඳහා මහ බැංකුවට දැවැන්ත පෙලඹවීමක් එල්ල කර තිබෙනවා“.
“මෙය වහාම විසඳිය යුතුයි. ඊට අපට පෙනෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන වැඩසටහනක්. එය අපට හොඳ පාලනයක් පිළිබඳ සහතිකයක් ලබා දෙන අතර ඒ මඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතනවලින් ණය පහසුකම් ලබා ගත හැකියි. ආර්ථිකය තුළට පුද්ගලික ආයෝජන ගලා ඒමට ද ඉඩ සැලසේ. ඒ වගේම ණය දෙන්නන් එක්ක කතා කරලා අපේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කර ගත යුතුයි. .“
“දෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අවසන් වන තුරු ඉන්ධන, ආහාර, ඖෂධ ආදී අත්‍යවශ්‍ය සැපයුම් කඩිනමින් ලබා ගැනීමේ ක්‍රමයක් ජනාධිපති වික්‍රමසිංහට සොයාගත යුතුව තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් ලබා දීමේ මට්ටමට අවසන් කිරීමට මාස පහක් හෝ හයක් පමණ ගත වන අතර, මෙම කාලය තුළ අත්‍යවශ්‍ය ආනයනයන් සපුරාලීම සඳහා ජනාධිපතිවරයාට අතරමැදි මූල්‍ය පාලමක් නිර්මාණය කර ගැනීමට සිදුවනවා.“
“තෙවනුව, ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට යන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතා පැහැදිලි සැලැස්මක් ජනාධිපතිවරයා සතුව තිබිය යුතුයි,”
ආචාර්ය කුමාරස්වාමි මහතා රජය නුදුරු අනාගතයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුන ගෙනහැර දැක්වීය.